නැවත මා මහ බැංකු අධිපති කළොත් ඒ වගකීම සතුටින් බාර ගන්නවා

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳවත් මහ බැංකු අධිපති ලක්‍ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා පිළිබඳවත් මේ දිනවල ජනමාධය තුළ වැඩි කතා බහට ලක්‌ව ඇත. එයට ප්‍රධාන හේතු දෙකක්‌ වන්නේ පසුගිය මාර්තු 29 වැනිදා මහ බැංකුව විසින් සිදුකළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී අක්‍රමිකතා සිදුවූ බවට මහ බැංකුවට දෙවන වතාවටත් චෝදනා එල්ල වීම සහ මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය ලබන ජුනි මස 30 වැනිදායින් අවසන් වීම යන කරුණු කාරණාය. මෙම කරුණු ඇතුළු මහ බැංකුවට අදාළ කාලීන කරුණු රැසක්‌ ගැන අපි මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ zදිවයින ඉරිදා සංග්‍රහය, ඇසූ ප්‍රශ්නවලට මහ බැංකු අධිපතිවරයා පිළිතුරු ලබා දුන් අයුරුයි.

ප්‍රශ්නය – ඔබ මහ බැංකු අධිපතිවරයා වීමට පෙරත් මහ බැංකුවේ කලින් සේවය කර තිබෙනවා. ඒ කොයි කාලයේද?

පිළිතුර – ඔව් මම මුලින්ම මහ බැංකුවට බැඳුණේ 1983 ජනවාරි 01 වැනිදා. මම බැඳුණේ දත්ත සැකසුම් දෙපාර්තමේන්තුවට මාණ්‌ඩලික නිලධාරියෙකු ලෙසයි. එහි වසර දෙකක සේවයෙන් පසු මම ලන්ඩන් ආර්ථික විද්‍යා උසස්‌ අධ්‍යාපන ආයතනයේ (කදබාදබ sජයදදක දෙ eජදබදපසජි) ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්‌ත්‍රපති උපාධියේ අධ්‍යයන කටයුතු සඳහා පිටත්ව ගියා. මම නැවත 1987 ලංකාවට ආවා. ඇවිත් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණා. ඉන් පසු මම වසරක කාලයක්‌ විදේශ බැංකුවක සේවය කළා. 1988 ජනවාරි සිට දෙසැම්බර් දක්‌වා. 1989 දී මම නැවත මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට ආවා. එහි මුදල් හා බැංකු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා 1990 වන තෙක්‌. 1990 දී රනිල් වික්‍රමසිංහ මහතා මට ආරාධනා කළා කර්මාන්ත, විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යංශයට එක්‌වන ලෙස. ඒ අවස්‌ථාවේ එම අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළේ ඒ. එස්‌. ජයවර්ධන මහතායි. මම අධ්‍යක්‌ෂවරයෙකු ලෙස එම අමාත්‍යංශයේ 1990 සහ 1991 වසරවල සේවය කළා. 1992 දී මුදල් අමාත්‍යංශ ලේකම් පාස්‌කරලිංගම් මහතා මට එම අමාත්‍යංශයේ සේවයට ආරාධනා කළා. ඒ අනුව මම මුල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්‌ෂවරයා ලෙස මුදල් අමාත්‍යංශ සේවයට එක වුණා. 1992 සිට 1993 දක්‌වා මම එහි සේවය කළා. 1993 දෙසැම්බර් මාසේ මම මහ බැංකුවෙන් අස්‌ වෙලා පුද්ගලික අංශයේ සේවයට එක්‌ වුණා.

ප්‍රශ්නය – ඔබ කලින් මහ බැංකුවේ සේවය කරන අවස්‌ථාවේ හිතුවද කවද හරි මහ බැංකුවේ අධිපති වෙන්න අවස්‌ථාව ලැබෙයි කියල?

පිළිතුර – මහ බැංකු අධිපති වෙයි කියල නම් හිතුවේ නෑ. එහෙත් ශ්‍රී ලංකා ආර්ථිකය ගැන මට ලොකු උනන්දුවක්‌ තිබුණා. මම පුහුණු වුණේ අර්ථ ශාස්‌ත්‍රඥයෙක්‌ ලෙසයි. ඒ සඳහායි මා සුදුසු වනු ඇත්තේ. ඒ නිසා රජය මට නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස හෝ උපදේශකවරයෙකු ලෙස ආරාධනා කළා නම්, ඒත් මම එනවා. එත් මම කිසිවිටෙකත් මහ බැංකුවේ අධිපතිවරයා වෙයි කියා නම් සිතුවේ නෑ.

ප්‍රශ්නය – ඔබ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ පසුගිය කාලය ගැන තෘප්තිමත් වෙනවද ?

පිළිතුර – ඔව් මම හිතනවා අපි ගොඩක්‌ සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත කියලා. මට නැවත රටට ඇවිත් සේවය කිරීමට ලැබීම ගැන ආඩම්බර වෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වීමෙන් පසු රටේ දේශපාලන පරිසරය බොහෝ වෙනස්‌ වුණා. ඒ තුළින් රට ගැන විශාල උනන්දුවක්‌ සහ බලාපොරොත්තු ජනිත කළා. මොනවද ඒ වන විට රටේ තිබුණ ප්‍රශ්න? නිදහසෙන් පසු ගෙවී ගිය කාලය තුළ අපි මුහුණ දුන් ප්‍රධාන ආර්ථික ප්‍රශ්න ගණනාවක්‌ තිබෙනවා. මුලින්ම දෙමළ කොටි යුද්ධය තිබුණා. එය ආර්ථිකයට විශාල අස්‌ථායිතාවන් ඇති කළා. ඒ නිසා ආයෝජන අඩු වුණා. රටේ ජනතාවට රැකියා අවස්‌ථා අඩු වුණා. යුද්ධය නිමවීමෙන් පසුව වර්ෂ 2009 දීත් නැවත 2012 දීත් ආණ්‌ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ගන්න සිදු වුණා. ඒකෙන් පේනවා රටට ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න අපහසු වුණ බව. මොනවද මේ ආර්ථික ප්‍රශ්න? මුලින්ම එකතු වෙන රාජ්‍ය බදු ආදායම ප්‍රමාණවත් නැහැ. බදු ආදායම ඉතාමත් අඩුයි. බලන්න ඉන්දියාව දිහා. ඔවුන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 16 ක බදු ආදායමක්‌ එකතු කරනවා. මාලදිවයින දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 25 ක බදු ආදායමක්‌ එකතු කරනවා. වර්ෂ 2014 වන විට ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 11 ක බදු ආදායමක්‌ පමණයි එකතු කරන්න සමත් වුණේ. ඒක අපේ ප්‍රධාන ප්‍රශ්නයක්‌. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වගකීම් හරි හැටි ඉටු කරන්නේ නෑ. අපි ඒ ප්‍රශ්නය විසදා ගත යුතුයි.

දෙවන ප්‍රශ්නය තමයි පාඩු ලබන රාජ්‍ය ආයතනවල බලපෑම. ශ්‍රී ලංකන් එයා ලයින්ස්‌ ,තෙල් සංස්‌ථාව, විදුලිබල මණ්‌ඩලය සහ මාර්ග සංවර්ධන අධිකාරිය වගේ ආයතන පාඩු ලබනවා. දිගින් දිගටම පාඩු ලබමින් මේවා පවත්වාගෙන යන්නේ කොහොමද? එම පාඩු පියවාගෙන එම ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට යම් ක්‍රමයක්‌ තිබිය යුතුයි. මේ ප්‍රධාන ප්‍රශ්න දෙකට මහින්ද රාජපක්‌ෂ රජය විසඳුම් සොයා ගන්න අසමත් වුණා. දැන් මේ නව රජය ඒ ප්‍රශ්න දෙකට සාර්ථක විසඳුම් ලබාගන්න උත්සහ කරමින් ඉන්නවා. ඒ නිසා රටේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් රජයට මේ ප්‍රධාන ප්‍රශ්න දෙක විසඳා ගන්න අවශ්‍ය වන ඇතැම් පියවර ක්‍රියාත්මක කිරීමට දායක වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

ප්‍රශ්නය – ඔබ තුමා දකින විදිහට රට මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්න දෙක තමයි, රාජ්‍ය බදු ආදායම ප්‍රමාණවත් නොවීම සහ රාජ්‍ය ආයතන ගණනාවක්‌ පාඩු ලැබීම?

පිළිතුර – ඔව් ඇමති චම්පික රණවක්‌ කියල තිබුණ පුවත්පතක, ශ්‍රී ලංකන් එයා ලයින්ස්‌ එකට රජයෙන් දෙන මුදල සමෘද්ධි සහනාධාරවලට රජයට යන වියදමට වඩා වැඩියි කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා මේ පාඩු ලබන රාජ්‍ය ආයතන නිසා කෙතරම් මහජන මුදල් ප්‍රමාණයක්‌ නාස්‌ති වෙනවද කියල.

ප්‍රශ්නය – ඔබ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කතා කළාට, හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්. ඒ. විඡේවර්ධන මහතා ඔහුගේ ලිපි මගින් මහ බැංකුවත් පාඩු ලබන බව කියා තිබුණා?

පිළිතුර – ඒක මම පැහැදිලි කරන්නම්. ඇත්ත වශයෙන් ගිණුම්කරණ ක්‍රමවේද දෙකක්‌ තියෙනවා. මුදල් නීති පනත අනුව ඒක අපි බලන්නේ මුදල් ප්‍රවාහ පදනම් කරගත් ගිණුම්කරණය (ජ්sය aජජදමබඑසබට) විදිහටයි. ඒ කියන්නේ මහ බැංකුවේ ලාභය බලනවා අරමුදල් හම්බු වෙලාද නැද්ද කියන එක මත. එනම් මහ බැංකුව ප්‍රමාණවත් ආදායමක්‌ උපයල තියනවද ලාභයක්‌ ලබන්න කියන එකයි. තවත් ගිණුම්කරණ ක්‍රමයක්‌ තියෙනවා වර්ෂ 1999 හෝ වර්ෂ 2000 දී අපි හඳුන්වා දුන්න ෂFRS එනම් ජාත්‍යන්තර මුල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්. ෂFRS ගිණුම් ක්‍රමය මහා බැංකු සදහා සුදුසුද කියන එක ගැන විවාදයක්‌ තියෙනවා. මොකද මතක තියාගන්න මහ බැංකුවක්‌ සාමාන්‍ය වාණිජ බැංකුවක්‌ වගේ නෙවෙයි. වාණිජ බැංකු භාවිතා කරන්නේ මේ ෂFRS ගිණුම් ක්‍රමයයි. එහෙත් 1999 දී මහ බැංකුව ෂFRS ක්‍රමය, යොදා ගැනීමට පටන් ගත්තා. මේ ෂFRS ගිණුම් ක්‍රමය යටතේ ඔබගේ ආයෝජන කළඹ සඳහා ප්රන එද ප්රන aජජදමබඑසබට කළ යුතුයි. මහ බැංකුවේ එක කාර්යයක්‌ වන්නේ අපේ විදේශ සංචිත, රත්‍රන් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදල්වල වැනි විවිධ ආකාරයෙන් ආයෝජනය කිරීමයි. දැන් පසුගිය වසර 3 දී හෝ 4 දී මොකද වුණේ? මුලින්ම රත්‍රන් වල කළ ආයෝජන සිදු කර තිබුණේ රත්තරන් මිල ගොඩක්‌ ඉහළ ගොස්‌ තිබූ අවස්‌ටාවකයි. 2011 දී, 2010 දී රත්‍රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1800 ක්‌ තරම් අගයකට ඉහළ ගොස්‌ තිබුණා. දැන් එම අගය ඇමරිකානු ඩොලර් 1200 කට පමණ අඩු වෙලා. එම අලාභය මහ බැංකුවේ ගිණුම්වල දැක්‌වෙනවා, ෂFRS ගිණුම් ක්‍රමයේ මුලධර්ම වලට අනුව. මතක තියා ගන්න එය පොත්වල දැක්‌වෙන අලාභයක්‌ පමණයි. එය සත්‍ය අලාභයක්‌ නෙවෙයි. අප සතුව එම රත්රන් ප්‍රමාණයම තිබෙනවා. අනාගතයේදී රත්‍රන් මිල නැවත වැඩි වූ විට අපට එම මුදල නැවත උපයගන්න හැකි වෙනවා. ඒ නිසා එම රත්‍රන් මිල අඩු වීම නිසා සිදු වූ අලාභය ගිණුම්වල දැක්‌වෙනවා.

එසේම පසුගිය රජයේ කාලේ මම හිතන්නේ 2012 දී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අයවැය යෝජනාවක්‌ ඉදිරිපත් කරලා තිබුණා DFCC, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විස්‌න් ඩොලර්වලින් විදේශයන්හි ණය ගෙන, ඒවා ලංකාවට ගෙනත් ඒ මුදල් මහ බැංකුව හරහා රජයට දෙන්න ඕන කියලා. ඒ වගේම එම ණය නැවත ගෙවීමේදී එම ණය ගත් අවස්‌ථාවේදී පැවති රුපියල් ඩොලර් විනිමය අනුපාතයට අනුවම ගෙවීමට සිදු වන බවටත් එම අයවැය යෝජනාවෙන් මහ බැංකුව විසින් අදාළ බැංකු තුනට සහතික විය යුතු බවටත් ඔහු යෝජනා කර තිබුණා. ඒ අවස්‌ථාවේ ඇමරිකානු ඩොලරයක්‌ රු. 110 යි. ඉන් පසු රුපියලේ අගය අඩු වුණා. 2012 දී ඇමරිකානු ඩොලරය රු 120 ක්‌ දක්‌වා ඉහළ ගියා. දැන් ඇමරිකානු ඩොලරය රු. 146 ක්‌ වෙනවා. මේ රු. 110 ත් රු. 146 ත් අතර වෙනස මහ බැංකුව විසින් පියවීමට සහතික වී තිබෙනවා. අනුව අපේ ගිණුම් පොත්වල නැවතත් අලාභයක්‌ දැක්‌වෙනවා. හේතුව එම බැංකු අදාළ ආයෝජකයන්ට නැවත මුදල් ගෙවීමේදී මහ බැංකුව විසින් එම වෙනස ගෙවිය යුතුයි. ඒ අනුව හැම ඩොලරයක්‌ වෙනුවෙන්ම අපට රු. 30 ක්‌ හෝ රු. 40 ක්‌ ගෙවීමට සිදුව තිබෙනවා. හරිද? දැන් එම විශාල අලාභය මහ බැංකුවට ඇවිත් තිබෙනවා. ඒ නිසා මහ බැංකුවේ අලාභයට එයත් හේතු වෙලා තිබෙනවා. ඒවා අපේ ගිණුම්වල දැක්‌වෙන නමුත් එවා සත්‍ය ලෙසම සිදු වූ අලාභ නොවෙයි. අදාළ බැංකු එම ණය මුදල් ගෙවන අවස්‌ථාවේදී තමයි මහ බැංකුවට එම වෙනස පියවන්න වෙන්නේ. ඒ නිසා එම අලාභයත් තවම සිදු වූ එකක්‌ නොවෙයි. පොත්වල දැක්‌වෙන අගයක්‌ පමණයි.

තෙවනුව 2013 දී සහ 2014 දී මහ බැංකුව විදේශයන්ගෙන් බොහෝ ණය ගෙන තිබෙනවා. ඒ අවස්‌ථාවේදී දේශීය බැංකු සතුව බොහෝ රුපියල් තිබුණා. හේතුව ඔවුන් ඩොලර් ණයට ගෙන, ඔවුන් එම ඩොලර් මහ බැංකුවට දී රුපියල්වලට හුවමාරු කර ගත්තා. ඒ අනුව වෙළදපොල තුළ අධික මුදල් ද්‍රවශීලතාවක්‌ තිබුණා. නමුත් ලංකාවේ අය ණය ගත්තේ අඩුවෙන්. ඒ නිසා අතිරික්‌ත මුදල් ද්‍රවශීලතාවක්‌ තිබුණා. එහිදී සාමාන්‍යයෙන් මහ බැංකුව මුදල් වෙළදපොලෙන් එය අවශෝෂණය කර ගන්නවා. එහිදී එම මුදල් සඳහා පොලී ගෙවීමට (aඉsදරඉඑසදබ ජදිඑ) සිදු වෙනවා. එම පිරිවැය ඒ අවස්‌ථාවේදී ඉතා ඉහළයි. එයත් අපේ අලාභයට බලපෑමක්‌ කළා. මෙන්න මේ කියපු සාධක තුන නිසා තමයි මහ බැංකුව පසුගිය වසර තුනේදී අලාභ ලැබුවේ. අපි 2015 සිට මොකද කළේ? අපි ගිණුම්කරණ ක්‍රමවේදයේ වෙනසක්‌ ඇති කළා. අපි කිව්වේ මහ බැංකුව අලාභයක්‌ ලැබුවොත්, රජයට ලාභයක්‌ ගෙවිය නොහැකි බවයි. එහෙත් 2013 දී, 2014 දී මහ බැංකුව අලාභ ලැබූවත් අපි මුදල් නීති පනත අනුව මහ භාණ්‌ඩාගාරයට ලාභ ගෙවනු ලැබුවා. දැන් අපි කියා තිබෙන්නේ ෂFRS ගිණුම් ක්‍රමය අනුව මහ බැංකුව ලාභ ලබන තෙක්‌ අපි කිසිම ලාභයක්‌ මහා භාණ්‌ඩාගාරයට නොගෙවන බවයි. මේ ප්‍රශ්නය විසඳගන්න හදන එක ක්‍රමයක්‌ ඒක. එසේම අනාගතයේදී රත්රන් මිල ඉහළ ගිය විට අපට තරමක්‌ ලාභ ලබන්න පුළුවන් මේ වසරේදී සහ ලබන වසරේදී. ඒවගේම අනාගතේදී මහ බැංකුව කිසිම අලාභයක්‌ නොලබනු ඇතැයි මම අපේක්‌ෂා කරනවා.

ප්‍රශ්නය – ඔබව බොහෝ දෙනෙක්‌ දන්නෙත් 2014 මහ බැංකු වාර්තාවේ ඔබගේ නම සඳහන් කරලා තියෙන්නෙත් අර්ජුන මහේන්ද්‍රන් කියලයි. එහෙත් මේ පසුගියදා නිකුත් වූ 2015 වසර සඳහා වන නවතම මහ බැංකු වාර්තාවේ ඔබගේ නම ලක්‌ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් ලෙස සඳහන් වෙනවා. මේ වෙනස කුමක්‌ද?

පිළිතුර – නෑ නෑ මේක තමයි මම ඉදිරිපත් කළ වාර්තාව. ගිය වසරේ 2014 වාර්තාවයි ඉදිරිපත් කළේ. 2014 වසරේ මම නෙවෙයි නිවාඩ් කබ්රාල් හිටියේ.

ප්‍රශ්නය – ඒක ඇත්ත. එහෙත් 2014 වාර්තාව අප්‍රේල් මාසේ ඉදිරිපත් කරන විට ඔබයි අධිපති. ඒ අනුව ගිය වසරේ වාර්තාවේ ඔබේ නම අර්ජුන මහේන්ද්‍රන් ලෙස සඳහන් වෙනවා. 2015 වාර්තාවේ ඔබේ නම ලක්‍ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් ලෙස දක්‌වා තිබෙනවා?

ප්‍රශ්නය – ඉතින් මම සම්පුර්ණ නම දැම්මා.

ප්‍රශ්නය – බැඳුම්කර ප්‍රශ්නය ගැන තවම කතා වෙනවනේ. ගිය වසරේ (2015) මහ බැංකුවට එල්ල වූ බැඳුම්කර චෝදනාවලදී අගමැතිතුමා නීතීඥ කමිටුවක්‌ පත් කළා. එම වාර්තාවේ මහ බැංකුවේ අඩුපාඩු ගැනත් යම් යම් නිර්දේශ කරලා තිබුණා. එම නිර්දේශ අනුව ඒවා නිවැරදි කරන්න මහ බැංකුව පියවර ගත්තාද?

පිළිතුර – නෑ නෑ එම කමිටුව කිව්වේ වෙන්දේසි කරපු ක්‍රමවේදය හරි ඒක ඉදිරියටත් අනුගමනය කළ යුතුයි. ඔවුන් කිව්වේ පාර්ලිමේන්තුව විමර්ශනය කරන්න ඕන ලංකා බැංකුව හෝ පපෙචුවල් ට්‍රෙෂරීස්‌ යන ආයතන මෙහිදී ගනුදෙනු කරපු ආකාරයේ යම් වරදක්‌ තියෙනවද කියලයි. එහෙත් නීතීඥ කමිටු වාර්තාව කිව්වේ මහ බැංකුව වෙන්දේසි කරපු ආකාරය හරි. එහි කිසිම වරදක්‌ නැහැ කියලයි.

ප්‍රශ්නය – වෙන්දේසිය කළ ආකාරය ගැන නොවෙයි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය ගැන යම් යම් නිර්දේශ තිබුණා නේද?

පිළිතුර – නෑ. මම හිතන්නේ නෑ එහෙම දෙයක්‌ තිබුණ කියල. මම එහෙම දෙයක්‌ වාර්තාවේ දැක්‌කේ නෑ. කොහොම වුණත් කෝප් එක මේ ගැන විමර්ශනය කරනවා. කෝප් වාර්තාව පැමිණි පසු මහ බැංකුව සහ අනිත් සියලු දෙනා ඔවුන්ගේ ප්‍රතිචාර දේවි. එහෙත් එම වාර්තාවේ මහ බැංකුව වෙන්දේසි ක්‍රියාත්මක කළ ආකාරය ගැන කිසිම වරදක්‌ කියා තිබුණේ නෑ. මට එහෙම මතක නෑ. ඔබ ගාව ඒ වාර්තාව තියෙනවනම් අපට බලන්න පුළුවන් එහෙම දෙයක්‌ සඳහන් වෙලා තියෙනවද කියල. ඒත් මම හිතන්නේ නෑ මහ බැංකුවේ එහෙම වරදක්‌ ගැන සඳහන් වෙලා තිබුණ කියල.

ප්‍රශ්නය – පසුගිය මාර්තු 29 භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදීත් අක්‍රමිකතා සිදුව ඇති බවට මහ බැංකුවට චෝදනා නැගෙනවා. මේ ගැන ඔබේ පැහැදිලි කිරීම කුමක්‌ද?

පිළිතුර – මම මුලින්ම කියන්න ඕන මහ බැංකුව වෙන්දේසි කරන ක්‍රමය, එසේම ලංසු ඉදිරිපත් කිරීමට ඇති ක්‍රමවේදය ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන පිළිගත් ක්‍රමවේදයටම තමයි කරන්නේ. පුවත්පත්වල මේ ගැන නොයෙක්‌ දේ කියනවා. පසුගිය මාර්තු 29 වැනිදා මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී කිසිදු අක්‍රමිකතාවක්‌ සිදුව නැහැ. එම බැඳුම්කර වෙන්දේසියට මම කිසිදු අයුරකින් සම්බන්ධ වුනෙත් නැහැ.

මාර්තු 29 දින රුපියල් බිලියන 40 ක වෙන්දේසියක්‌ සඳහා දැන්වීම් පළ කර, රු. බිලියන 77 ක බැඳුම්කර පිළිගත් බවට චෝදනා නගා තිබෙනවා. මෙය සිදු කළේ 2016 අප්‍රේල් 30 දින වන විට, රජයට රු. බිලියන 100 ක්‌ රැස්‌ කර ගැනීමට අවශ්‍ය වූ නිසයි. වෙළෙඳපොළේ පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ යැමටත්, පොලී අනුපාත ව්‍යqහය අස්‌ථාවර වීමට සහ එමගින් මූල්‍ය අස්‌ථාවරත්වයක්‌ ඇති වීමටත් තිබුණු ඉඩකඩ සැළකිල්ලට ගෙන වෙන්දේසි තුනකදී ඉදිරිපත් කළ සියලුම ලංසු මහ බැංකුව විසින් ප්‍රතික්‌ෂේප කළා. ලංසු ඉදිරිපත් කරන්නන් අනවශ්‍ය ලෙස ඉහළ පොලී අනුපාත ඉදිරිපත් කරන්නේ යෑයි හැඟී යාම නිසා මහ බැංකුව සියලු ලංසු ප්‍රතික්‌ෂේප කර, වෙන්දේසි අවලංගු කරන ඕනෑම අවස්‌ථාවකදී, පොලී අනුපාත වැඩිවීම වැළැක්‌වීම සඳහා ලංසුකරුවන් මත පීඩනයක්‌ ඇති කිරීමට, පහළ පොලී අනුපාත මත භාණ්‌ඩාගාර බැඳුම්කර යම් ප්‍රමාණයක්‌ මිලදී ගැනීමට මහ බැංකුවට හැකියාවක්‌ තිබෙනවා. මහ බැංකුව සමහර වෙන්දේසි අවලංගු කර තවත් වෙන්දේසිවලදී ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා බැඳුම්කර ගත්තේ මන්ද යන්න මෙයින් පැහැදිලි වෙනවා.

ප්‍රශ්නය – ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා මාධ්‍ය සාකච්ජාවකදී කිව්වා රජයට වැට්‌ බදු වැඩි කරන්න වුණේ, බැඳුම්කර වංචාවෙන් සිදුවූ පාඩුව පියව ගන්න කියලා.?

පිළිතුර -වැට්‌ බදු වැඩි කිරීමට සිදුවී ඇත්තේ බැඳුම්කර පාඩුව නිසා නොවෙයි. අපේ බදු ආදායම අඩුයි. අපේ බදු ආදායම පහසුවෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 15 ට, 16 ට වැඩි කර ගන්න පුළුවන්. ඒකට තරමක කාලයක්‌ යනවා. එතෙක්‌ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක්‌ ලැබෙනවා. ඒ නිසා මම බන්දුල ගුණවර්ධන මහතාට කියනවා බැඳුම්කර පාඩුව නිසා නෙවෙයි වැට්‌ වැඩි කරල තියෙන්නේ.

වෙළෙඳපොළ තුළින් තමයි ඒ පොලී අනුපාත තීරණය වී තිබෙන්නේ. එතන කිසි පාඩුවක්‌ නෑ. 2015 පෙබරවාරි මාසයට කලින් තිබුණේ සැබෑ පොළී අනුපාත නෙවෙයි. අපට පැරණි විදිහට යන්න බැහැ.අලුත් විදිහට හිතන්න අවශ්‍යයි. ඒ නිසා මෙතන කිසිම පාඩුවක්‌ වෙලා නැහැ.

ප්‍රශ්නය – අපේ බදු ආදායම් වැඩිකර ගත හැක්‌කේ කෙසේද?

පිළිතුර – අපි මූලික වශයෙන් වැට්‌ බදු අනුපාතය සියයට 11 සිට 15 දක්‌වා වැඩි කළා. එසේම පුද්ගලික අංශයේ සෞඛ්‍ය ඇතුළු අංශවලින් අපි දැන් වැට්‌ අය කරනවා. කලින් ඒවා නිදහස්‌ කරල තිබුණේ. මේ තුළින් වැට්‌ ගෙවන පිරිස වැඩි වෙනවා. එසේම අපේ බදු නීති ඉතා පරණයි. දේශීH ආදායම් නීතිය 1930 දී ගෙනාපු එකක්‌. රේගු නීතිය ඊටත් වඩා පරණයි. එම නීති පැනවූ කාලයේ අද වගේ තාක්‍ෂණය ගැන අවබෝධයක්‌ තිබුණේ නැහැ. නව තාක්‍ෂණික ක්‍රමවේද හඳුන්වා දීමෙන් මිනිසුන්ගේ මැදිහත්වීම අඩුවෙනවා. දැන් වෙලා තියෙන්නේ කවුරුහරි ඇමැති කෙනෙක්‌ දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල්ට කතා කරල මගේ යාළුවට සහනයක්‌ දෙන්න කියනව. ඒ වගේ කරන්න ගියහම අපට බදු එකතු කරන්න අපහසුයි. ඒ නිසා පරිගණක ගත කිරීම ඉතාම වැදගත්. එතකොට ඒ ක්‍රමවේදයට කාටවත් බලපෑම් කරන්න බැහැ. ඒක දෙවැනි ප්‍රතිසංස්‌කරණයයි. තුන්වැනි එක දැන් තියන බදු ලිපිගොනු ගණන වැඩි කර ගන්න ඕන. දැන් තියෙන්නේ ලක්‍ෂ 2 ක්‌ පමණ ලිපිගොනු ප්‍රමාණයක්‌. ඒ සඳහා ගම්වලට ගිහින් තොරතුරු පද්ධතිය පුළුල් කර ගත යුතුයි. අපට පහසුවෙන්ම රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 15, 16 කට වැඩි කර ගන්න පුළුවන්.

ප්‍රශ්නය – ලංකා වාණිජ මණ්‌ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රd ජයරත්න මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි ගැන විස්‌තර ඉල්ලා ලිපියක්‌ එවා තිබුණා නේද?

පිළිතුර – මහ බැංකුව වෙන්දේසිවලදී අනුගමනය කරන්නේ අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදය අනුවයි. චJද්‍රd ජයරත්න මහතා ප්‍රශ්න කරල තිබුණ කවුද ලංසු ඉදිරිපත් කළේ ආදී තොරතුරු ඉදිරිපත් කරන්න කියලා. ලෝකෙ කිසිම තැනක මේ තොරතුරු කිසිවකුට දෙන්නෙ නෑ. මම කියන්නම් ඇයි කියල. අපි ගොඩක්‌ පොහොසත් අය ඉන්නව ඉන්දියාව, ජපානය, මැදපෙරදිග. ලංකාවෙ අයත් ඉන්නව. ඒ අය මේ වෙන්දේසිවලදී ලංසු ඉදිරිපත් කරනව. රජයට ණයට මුදල් දෙනව ඔවුන්ගේ තොරතුරු දුන්නොත් අර පැනමා පත්‍රවල වගේ. ඒ අය ආයෝජනය කරන්නෙ නැතුව දුවයි. ඒ අය නැවත මේ වෙන්දේසිවලට ඉදිරිපත් වෙන එකක්‌ නෑ. ලෝකෙ කිසිම රටක මේ ලංසු ඉදිරිපත් කරන තනි පුද්ගල තොරතුරු දෙන්නෙ නෑ, මම චන්ද්‍රd ජයරත්න වගේ වෘත්තීය සුදුසුකම් සහිත, අත්දැකීම් බහුල පුද්ගලයකු එසේ කියා සිටීම ගැන පුදුම වෙනවා. ඇයි ඔහු එහෙම කියන්නෙ කියන එක ගැන. ඒ තුළින් මේ ආයෝජකයන් බිය වීමයි සිදුවන්නේ.

ප්‍රශ්නය – 2015 පෙබරවාරි මස සිදුවූ පළමු බැඳුම්කර සිද්ධියේදී පරීක්‍ෂණයක්‌ සිදු කළා. දැන් මාර්තු 29 දින බැඳුම්කර වෙන්දේසියට එල්ල වන චෝදනා ගැනත් පරීක්‍ෂණයක්‌ කෙරෙනවාද?

පිළිතුර-ඒ ගැන මුදල් මණ්‌ඩලය පරීක්‍ෂණයක්‌ කරල තියෙනවා. ඒ අය ඒ ගැන ඉතා ඉක්‌මණින් යම් ප්‍රකාශයක්‌ කරයි.

ප්‍රශ්නය – ඔබගේ ධුර කාලය ජුනි 30 න් අවසන්. ඔබතුමා දෙවන ධුර කාලයට සූදානම් ද?

පිළිතුර – එය මට ලබා දුන්නොත් මම ඉතා කැමැත්තෙන් එය භාර ගන්නවා. එහෙත් එය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් තීරණය කළ යුතු දෙයක්‌. ඔවුන් නැවත මාව මහ බැංකු අධිපති ධුරයට පත් කරන්න තීරණය කළොත්, මම ඉදිරියටත් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කිරීමට ඉතා කැමැත්තෙන් ඉන්නවා. එහෙත් එය ඔවුන් තීරණය කළ යුතු දෙයක්‌. මට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක්‌ නැහැ.

cfr

සංවාදය -ශ්‍යාම් නුවන් ගනේවත්ත