ලක්ෂ 90ක වැඩේ කෝටි 17කට දීලා

ගන්දර සිලාවතුර සහ ගුරුනගර් ධීවර වරායන් තුනක් සංවර්ධනය කිරීම සඳහා ‘ශක්‍යතා අධ්‍යයන’ වාර්තාව සහ මූලික සැලසුම සැකසීමට රුපියල් මිලියන 177ක ඉහළ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ සමාගමකට ලබා දීම හේතුවෙන් එහි අක‍්‍රමිකතාවක් සිදුව ඇති බවට පසුගිය ආණ්ඩු සමයේ දී ද චෝදනා එල්ල වුව ද වත්මන් යහපාලන ආණ්ඩුව කිසිදු වගවිභාගයකින් තොරව එම මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කර තිබේ. මෙම ශක්‍යතා අධ්‍යයන වාර්තා පිළියෙල කිරීම සඳහා මුලින් ස්විට්සර්ලන්තයේ සමාගමක් ඉදිරිපත්ව තිබූ අතර ඔවුන් ඒ සඳහා රුපියල් මිලියන 9ක මුදලක් ඇස්තමේන්තු කර තිබිණි. එහෙත් එම සමාගමේ වාර්තාව අවලංගු කර එම සමාගම විසින්ම ඉදිරිපත් කර තිබූ ව්‍යාපෘති වාර්තාවේම ඡායා පිටපතක් උපයෝගී කරගෙන මෙරට සමාගමක් වන ඵොවෙර් ඇසිඅ Cඔන්සුල්ටන්ට්ස් සමාගමට එය ලබා දී තිබිණි. ඒ 2014 වසරේ දීය. එවකට ධීවර ඇමැතිව සිටි රාජිත සේනාරත්න මහතාගේ අභිමතය පරිදි මෙම පවර් ඒසියා සමාගමට මේ අවස්ථාව ලබා දී තිබේ. මෙම සමාගමේ හිමිකරුවා වන්නේ චමත් ද සිල්වා මහතා වන අතර එවකට ධීවර අමාත්‍යාංශය යටතේ වූ ‘සීනෝර්’ ආයතනයේ සභාපතිවරයා වූයේ ඔහුගේ පියා වූ සරත් කුමාර ද සිල්වා මහතාය.

මෙම පවර් ඒසියා සමාගම අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තාව සැකසීමේ පළපුරුද්දක් හෝ සුදුසුකම් සහිත ආයතනයක් නොවන නමුත් එම ආයතනයේ එම කටයුත්ත කිරීම සඳහා රුපියල් මිලියන 44ක මුදලක් අත්තිකාරම් ලෙස එම පාලන සමයේ දී ලබා දී තිබේ. එහි ඉතිරි මුදල පසුගිය දා වත්මන් ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත ලබා දී ඇතැයි දැන ගන්නට ඇත. පවර් ඒසියා සමාගම වෙනුවෙන් මුදල් ලබා ගත් චමත් ද සිල්වා මහතා වෝටර්ස් එජ් හෝටලයේ වත්මන් සභාපතිවරයාය. මෙකී වංචාසහගත කි‍්‍රයාව සම්බන්ධයෙන් කරුණු විමසීමට චමත් ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ ‘‘මම තව පැයකින් උත්තරයක් දෙන්නම්’’ කියාය. පැයකට පසුව ලබා ගත්තත් ඵලක් වූයේ නැත. ඒ සෑම අවස්ථාවකම අපට ලැබුණු පිළිතුර වූයේ ”මෙම දුරකථනයෙන් ප‍්‍රතිචාරයක් නැත. කරුණාකර පසුව අමතන්න” කියාය.

– දයා නෙත්තසිංහ

re

– දයා නෙත්තසිංහ