පියාගේ අමාත්‍යාංශයට මන්ත්‍රී පුතාගෙන් පැමිණිල්ලක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් පාලනය කරන කොටිකාවත්ත අංක 03 ඖෂධ ගබඩාව ජල ගැලීම්වලට හසුව තිබීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සොයා බලා පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පැවසීය.

රුපියල් මිලියන 400 ක් වටිනා ඖෂධ මෙම ගබඩාවේ තිබී ඇති බවත්, මෙවැනි ස්ථානයක ඖෂධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධව නිලධාරීන්ට විරුද්ධව පියවරක් ගත යුතු බවත් කී මන්ත්‍රීවරයා ජල ගැලීම්වලට හසුවීමට පෙර ඖෂධ තොග ඉවත් කර නොගැනීම සම්බන්ධව සොයා බැලිය යුතු බවද ප්‍රකාශ කළේය.

පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී අද (26දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මීට පෙර 2004 වසරේදී ඖෂධ විශාල ප්‍රමාණයක් හිතාමතා විනාශ කිරීමට නිලධාරීන් කටයුතු කර තිබුණු බවත්, මේ අවස්ථාවේදීද ඒ ආකාරයටම කටයුතු කර තිබෙන බවත්ය.

q