තලෙයිබාන් නව නායකයා හෙළිකරයි

ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් සංවිධානය නව නායකයෙකු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගියදා අමෙරිකානු ප්‍රහාරයකින් මියගිය ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් නායක මුල්ලාහ් අක්තාර් මන්සූර් වෙනුවට ඔහු නම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසා ඇත.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් සංවිධානයේ නව නායකයා ලෙස  මවුලාවි හයිබතුල්ලා නම් කර තිබේ.

මන්සූර් 2015 ජුලි මාසයේ දී තලෙයිබාන් නායකත්වය භාරගෙන ඇති අතර පසුගියදා ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අමෙරිකානු හමුදා විසින් එල්ල කළ  ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණි.

terrorism