වාහන මිල යළි නගියි

වාහන නිෂ්පාදන ඒකක බදු ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනූව එංජින් ධාරිතාව 1000ට වැඩි හා ත්‍රීවිල් රථවල මිල ඉහළ යනු ඇති බව එම සංගමය කියයි.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීම සිදුවේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළේය.

ඒ අනූව නව ඒකක බද්ධ හඳුන්වාදීම හේතුවෙන්  නිෂ්පාදන බදු වෙනසකට භාජන වී ඇති බව හෙතෙම පැවසීය.

වාහනවල වටිනාකම සම්බන්ධයෙන් පැවැති විෂමතා සම්බන්ධයෙන් අගමැතිවරයා, මුදල් ඇමතිවරයා මෙන්ම සිය නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවලින් පසු නව ඒකක බද්ද හඳුන්වාදීමට පියවර ගත් බවත්, ඒ අනූව එය වෙළඳපොළ උඩු  යටිකුරු වීමක් ලෙස සැලකිය  හැකි බවත්, ඔහු කීවේය.

මේ යටතේ ත්‍රීවිල රථයක බද්ධ රුපියල් ලක්ෂ 4කින්ද, පියර්ස් රථයක බද්ධ රුපියල් ලක්ෂ 33 සිට 72 දක්වාද, එක්සෙල් රථයක බද්ද රුපියල් ලක්ෂ හතලිස් ගණනේ සිට  72 දක්වාද වැඩිවිය හැකි බව හෙතෙම පැවසීය.

කෙසේ වුවද වෑන් හා ලොරි රථවලට නව බද්ද බලපෑමක් සිදුනොවනු ඇතැයි ද ඒ මහතා කීවේය.

තවද මරුටි, ඇල්ටෝ වැනි වාහනවල ලක්ෂ 8ක පැවැති ලක්ෂ 12ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එංජින් ධාරිතාව 1000ට වැඩි වාහන ආනයනය නතර වනු ඇතැයි ද, එසේම ජපන් වාහනයක් ගැනීමේ හැකියාව අවම වනු ඇතැයිද  ඔහු පැවසීය.

රේගු ආදායමෙන් සියයට 40ක් ලැබෙන්නේ වාහන බදු වලින් බවද කියා සිටි ඒ මහතා ඒකක බදු ක්‍රමය හොඳ බවද මේ නිසා වාහන අලෙවි කරන සමාගම්වලට ස්ථාවර විය හැකි බවද  වැඩිදුරටත් කියා සිටියේය.

x