නැගෙනහිර නාවික හමුදා ආඥාපතිවරයාට හදිසි මාරුවක්

නැගෙනහිර පළාත් නාවික හමුදා අනු ඛණ්ඩයේ ආඥාපතිවරයා ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා වහාම කොළඹට කැදවා ඇතැයි වාර්තා වේ.

ඔහු කොළඹට කැඳවා ඇත්තේ නාවික හමුදා ස්වේච්ඡා බලකායේ අණ දෙන නිලධාරීවරයා ලෙසයි.

එම බලකායේ අණ දෙන නිලධාරීවරයා ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නැගෙනහිර පළාත් ආඥාපතිවරයා ලෙස පත් කර ඇත.

මෙම ස්ථාන මාරුව නාවික හමුදා පරිපාලන අවශ්‍යතා මත සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් අක්‍රම් අලෙවි මහතා පැවසී ය.

මීට සති 3කට පමණ පෙර සැලසුම් කර තිබූ මෙම ස්ථාන මාරුව නාවික හමුදා පරිපාලන අවශ්‍යතා මත සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් අක්‍රම් අලෙවි මහතා පැවසී ය.

කෙසේ වෙතත් නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා සාම්පූර් නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රංජිත් පේ‍්‍රමරත්න මහතාට බැණවැදීමේ සිද්ධිය හා මෙම මාරු කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද නාවික හමුදාව අවධාරණය කළේය.

 

uy