අන්තර්ජාල අබ්බැහියෙන් මනෝ රෝග අවදානමක්

අසීමිත ලෙස අන්තර්ජාලයේ ගැලී සිටීම මානසික රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් එය ‘ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම්’ හෙවත් අන්තර්ජාලයට දැඩි ලෙස ලොල් වීමේ රෝගය ලෙස අලූ‍තින් මානසික රෝග වර්ගීකරණයට එක්ව ඇති බව ගාල්ල කරාපිටිය රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය අවධාරණය කරයි.

ගාල්ල දිස්ත‍්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීමක් අමතමින් වෛද්‍යවරිය මේ බව සඳහන් කළ අතර එහි දී ඇය වැඩිදුරටත් පවසා සිටියේ ආසියානු රටවල දරුවන් 45% කට වැඩි ප‍්‍රමාණයක් මෙම තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බවත් ඒ තුළ මොළයේ රසායනික වෙනස් වීමක්, දෛනික හැසිරීම් රටාවේ වෙනසක් සහ පුද්ගලයා මූලික තැනක් දෙන්නේ කුමකටද යන්න පිළිබඳව ගැටලූ‍සහගත තත්ත්වයක් ඇති වීම හමුවේ ප‍්‍රතිකාර කළ යුතු මට්ටම දක්වා මෙම මානසික රෝගී තත්ත්වය වර්ධනය වන බවය. එසේම ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම් මානසික රෝගී තත්ත්වය තුළ මධ්‍යසාරවලට ඇබ්බැහි වූ අයකු සියලූ‍ම දේ පසෙක දමා නිතර මධ්‍යසාර සොයන ආකාරයට දරුවන් ඔවුන්ගේ සියලූ‍ කටයුතු පසෙක දමා අන්තර්ජාලයේ ගැලී සිටීමට නිතර උත්සාහ කරන බවත් කොරියාවේ රටවල මෙම තත්ත්වය බහුලව දක්නට ඇති බවත් වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය සඳහන් කරයි.

දරුවන්ට පමණක් නොව පමණට අධික ලෙස අන්තර්ජාලය භාවිත කරන වැඩිහිටියන්ට වුවත් මෙම මානසික රෝගී තත්ත්වය මතුවීමේ අවදානමක් ඇති අතර ඒ පිළිබඳ වෛද්‍ය මතය වනුයේ විශේෂයෙන් දරුවන් අන්තර්ජාලය භාවිත කිරීමේ දී අවශ්‍ය කාර්යය ඉටුකර ගැනීමෙන් අනතුරුව ඔවුන් ඉන් ඉවත් කර තැබීමට වැඩිහිටියන් කටයුතු කළ යුතු බවය.

r

– සිතාරා කුලරත්න