නැගෙනහිර මහ ඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට

නාවික හමුදා කඳවුරුවලට ඇතුළුවීමට නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් අක්‍රම් අලවි මහතා පවසනවා.

 

සාම්පූර් මහා විද්‍යාලයේ පසුගියදා පැවති උත්සවයකදී නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය හෆීස් නසීර් අහමඩ් මහතා නාවික හමුදා නිලධාරියෙකුට බැනවැදීමේ සිද්ධියට නාවික හමුදාවේ සහ යුද හමුදාවේ කිසිඳු කඳවුරකට නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුකර නොගැනීමට තීරණය කර තිබුණා.

21