මහ ඇමති කඳවුරෙන් හොඳට කෑව බිව්ව කියල කියනකොට කනගාටුයි! දුකයි!

ති‍්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේ පැවති දිවා භෝජන සංග‍්‍රහයකට නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් මහතාද සහභාගිවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරමින් සිටිනවා. මේ, මඩකලපුව අම්පාර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්.

“අපි අවුරුදු ගණනක් කොටින්ගෙන් බැට කකා හිටියට කවුරුවත් අපිව කඳවුරුවලට ගෙන්වල එක කෑම වේලක්වත් දීල නැහැ. නාවික හමුදා නිලධාරියට බැනපු මහ ඇමති කඳවුරෙන් හොඳට කෑව බිව්ව කියල මාධ්‍යවලින් දකිනකොට අපිට කනගාටුයි, දුකයි. සමස්ථ සිංහල ජාතිය පාවල දීල ඉවරයි. තවදුරටත් සිංහලයින්ගෙ බෙල්ල කපාගෙන ගියත් හැංගිලා ඉන්නයි සිද්ධවෙලා තියෙන්නෙ. අපි ඒ වෙනුවෙන් ගිහිල්ල ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණාම අපේම එවුන් කන්න දීල නලවනවනම් කරන්න දෙයක් නෑ“
දිවා භෝජන සංග‍්‍රහයෙන් පසුව නසීර් අහමඞ් මහතා මාධ්‍ය වෙත කියා සිටියේ නාවික හමුදාවේ ආරාධනයෙන් තමා ඊට සහභාගි වූ බවත්,  ඉතා උණුසුම් ලෙස තමා පිළිගෙන රසවත් දිවා ආහාරයක් ලබාදුන් බවත්ය.

21

neth