Renault KWID ශ්‍රී ලංකාවට පැමිණේ

ලොව ප්‍රමුඛ වාහන සන්නාම රැසක මෙරට පූර්ණ බලයලත් අලෙවි නියෝජිත ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගම (AMW) මගින් ලොව විශිෂ්ටත්වයට පත්  Renault KWID මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ප්‍රංශ තාක්ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත Renault KWID, Mini Hatchback SUV කාණ්ඩයේ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය බවත්, විශිෂ්ට ක්‍රියාකාරීත්වය, නව්‍ය තාක්ෂණය හා ආකර්ෂණීය නිමාව මෙහි සුවිශේෂත්වය බවත් ඔවුන් කියයි.

Renault KWID රථය Timing chain වලින් තොර DOHC 800cc එන්ජිමක් බලගැන්වෙන්නේ, වේග බල 5 කින් යුතු ගියර් පද්ධතියක්ද සහිතවය. ලීටරයකින් කි.මී. 25.17 ක් වැනි වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාදෙන Renault KWID රථය අවම නඩත්තුවකින්ද යුතු බව කියයි.

මෙම නවතම රථය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සමන්ත රාජපක්ෂ මහතා පවසා සිටියේ, “අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම Mini Hatchback SUV රථයක් ලබාදීමට අපට හැකිවුණා. එය ජාත්‍යන්තර තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එවැනි ආකර්ෂණීය නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට ගෙන්වීම හා ඒ සජීවි අත්දැකීම ලබාදීමේ ගෞරවය ලබාගැනීමට හැකිවීමත් පිළිබඳ අප ආඩම්බර වෙනවා. අප මේ නව්‍ය නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන් වෙත හඳුන්වා දෙන්නේ දැරිය හැකි මිලකටයි. Renault සතු සුවිශේෂීත්වය හා අනර්ඝත්වය ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම AMW සමාගමේ අරමුණයි” යනුවෙනි.

43