රනිල්-රාජිත ගැටුම තවත් ඇවිලේ..

හිටපු එජාප ඇමතිවරයකු හා කතානායකවරයෙකු වූ ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ පුත‍‍්‍රයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැඳවා තිබේ. ඒ ඇමති රාජිත සේනාරත්න සම්බන්ධයෙන් සිදු කරමින් ඇති පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීම සඳහායි.

අගමැති රනිල් වික්‍‍්‍රමසිංහ හා ඇමති රාජිත සේනාරත්න මහතා අතර ඇතිවී තිබෙන දේශපාලන ගැටුමක් හේතුවෙන් සති අන්ත ඉංග‍‍්‍රිසි පුවත්පතක්වන ‘‘සන්ඬේ ලීඩර් පුවත්තෙහි‘‘ සේනාරත්න මහතා සම්බන්ධ වංචා දුෂණ චෝදනා පිටු ගණන පලවෙමින් ඇති අතර මේ පියවර එහිම දිගුවක් යයිද දේශපාලන ආරංචි මාර්ග කියයි.

බිලියන ගණනක මුල්‍ය අක්‍‍්‍රමිකතා සම්බන්දයෙන් ඇමති රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල කරමින් සන්ෙඬ් ලීඩර් පුවත්පත පසුගිය ඉරිදා විශාල ප‍‍්‍රමණයේ ලිපියක් සවිස්තරාත්මකව පල කර ඇත.

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ මුල්‍ය අනුග‍‍්‍රහය යටතේ ක්‍‍්‍රියාත්මක වන්නේ යයි පැවසෙන මෙම පුවත්පතට රාජිත සේනාරත්න මහතා සම්බන්ධෙ සියලු තොරතුරු ලබා දී ඉහල ප‍‍්‍රමුඛතාවක් සහිතව පල කරන්නැයි දන්වා ඇත්තේ ආණ්ඩුවේ ඉහල බලවතෙක් විසින් යයිද වාර්තා වෙයි.

සෞඛ්‍ය ඇමතිවරයාගේ මෙන්ම ඔහුගේ පුත් චතුර සේනාරත්නගේ, ඇමති චම්පික රණවකගේ මුල‍‍්‍ර අක්‍‍්‍රමිකතා සම්බන්ධයෙන්ද තොරතුරු ඉදිරියේදී හෙළිදරවු කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඒකාබද්ද විපක්‍ෂයේ සිටින චෝදනා ලද්දවුන් අත්අඩංගුවට නොගන්නේ යයි ඇමති සේනාරත්න විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී කරන ලද ප‍‍්‍රකාශයකින් පසු එම පොලිස් කොට්ඨාශයේ ඉහල නිලධාරියෙක් ඇමති සම්බන්ධයෙන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ලිපිගොනු තොගයක් සමග අගමැති රනිල් වික්‍‍්‍රමසිංහ මහතා මුණ ගැසීමෙන් පසු මෙම කැඳවීම් ලැබී ඇතැයිද එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

කෙසේ වෙතත් යහපාලන රජයේ ප‍්‍රබල ඇමතිවරයෙකුවන රාජිත සේනාරත්න මහතා මෙයට පෙරද ප‍්‍රශ්න කිරීම සඳහා එකොලොස් වතාවක් පමණ අල්ලස් හා ¥ෂණ කොමිසම වෙත කැඳවා තිබුණද ඔහු කොමිසස පැත්ත පලාතක නොපැමිණි බවද වාර්තා වෙයි.

7