රාජිතට එරෙහිව රාජිතම නඩු දා ගනී

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යානුකූල කිරීම සඳහාත් එහි උපාධිධාරීන්ට ලංකාවේ වෛද්‍යවරුන් ලෙස පිළිගැනීම ලබා දීම සඳහාත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න තමන්ටම නඩු පවරා ගැනීමේ උපක්‍රමයක නිරතව සිටින බව වාර්තා වේ.

තමන්ව වෛද්‍යවරුන් ලෙස පිළිනොගැනීම සම්බන්ධයෙන් චෝදනා කර තමන්ට එරෙහිව නඩු පවරන ලෙසද එවිට අධිකරණයේදී තමන් සමතයකට පැමිණීමට එකඟ බව පවසා එම පිළිගැනීම ලබා දීමට කැමති වන බවද ඇමතිවරයා සයිටම් සිසුන්ට පවසා තිබේ.

ඒ අනුව වෛද්‍ය සභාවට එරෙහි නඩුව මදක් පසෙකට කර සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව නඩුවක් පැවරීම සඳහා සයිටම් ආයතනය ජේෂ්ඨ නීතීඥයන්ගේ උපදෙස් පතා තිබේ. මෙම නඩුව සඳහා ගොනු කළ යුටුහ් කරුණු පිළිබඳවද ඇමැතිවරයාම උපදෙස් දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ අනුව රාජිත සේනාරත්න ඇමතිවරයා තමන්ටම නඩු පවරා ගත් අවස්තාවක් ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

1

lankaviews