නිල වශයෙන් ඉවත් වෙන්න හෙට සිට අවස්ථාව

නීති විරෝධී ලෙස සේවය අතහැර ගිය ත්‍රිවිධ හමුදාවේ සෙබලුන්ට සහ නිලධාරීන්ට නිල වශයෙන් ඉවත් වීම සඳහා හෙට(13) සිට අවස්ථාව ලබා දී තිබේ.

ඒ සඳහා මාසයක කාලයක් ලබාදෙන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

යුධ හමුදාවේ 25,000ක් නාවික හමුදාවේ 7,000ක් සහ ගුවන් හමුදාවේ 510ක පිරිසක් සේවය හැරගොස් සිටින බවට අනාවරණය වී තිබේ.

අදාළ පිරිස දැනටමත් වරෙන්තුකරුවන් ලෙස නම් කර දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට සහ ආගමන විගමන අංශවලට දන්වා ඇති බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

එබැවින් දී ඇති සහන කාලය තුළ නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වන ලෙස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉල්ලීමක් කරයි.

1