බොන්ඩ් මහේන්ද්‍රන්ගේ‘ ගුවන් කරණම් ලැයිස්තුව මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හෙවත් ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ විසින් පසුගිය වසරේ 2015 පෙබරවාරි සිට 2016 පෙබරවාරි දක්වා මාස 12 කට 22 වතාවක් විදේශ වල සංචාරය කර තිබේ. ඔහු ගිය විදෙස් සංචාර වල පූර්ණ විස්තරයක් ‘ලංකා ඊ නිව්ස්‘ වෙත ලැබී තිබේ.

මෙම සංචාර ‘නිල‘ සංචාර යයි කියා ඔහු කීවද ඒවායින් බොහෝ සංචාර නිල නොවන පුද්ගලික ඒවා වූ නමුත් ශ්‍රී ලංකා රජයේ මුදලින් වියදම් දරා තිබේ. මෙම සංචාර සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් යානා ආසන වෙන් කර ගෙන ඇති අතර සංචාර වලට අදාලව සුපිරි හෝටල් පහසුකම් ද බොන්ඩ් මහේන්ද්‍රන් විසින් ලංකාවේ රජයේ මහජන මුදලින් ලබා ගෙන තිබේ. (මහජන මුදලින් රුපියල් ලක්ෂ 12 කට ඇඳුමක් මිලදී ගෙන තිබුනේද මෙවැනි සංචාරයකදී ය)

මෙම සංචාර ‘නිල‘ ඒවා බව පෙන්වීම සඳහා මහ බැංකුවේ සාමාන්‍ය සේවකයෙකුද විටෙක එක් කර ගෙන ඇති අතර ඔහුටද ව්‍යාපාරික පන්තියේ ගුවන් යානා ආසනද හෝටල් පහසුකම්ද මහජන මුදලින් ලබා ගෙන තිබේ. මහ බැංකුවේ නීති රීති අනුව එවැනි සාමාන්‍ය සේවකයන්ට එවැනි පහසුකම් ලබා දීමට හැකියාවක් නොමැති වුවද ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ඒ ගැන තැකීමක් කර නැත. එපමණක් නොව සමහර සංචාර ආවරණය කිරීම සඳහා ඡායාරූප ශිල්පියෙකුටද ගුවන් ටිකට් පත් සහ හෝටල් පහසුකම් ලබා ගෙන තිබේ. නමුත් එම සංචාර වලදී සහභාගී වූ රැස්වීම්  ආවරණය කිරීමට ඒවා සංවිධානය කරන ආයතන වලින්ම පහසුකම් සපයා ඇත. සේයාරුවක් ගැනීම මහා බිබික්කමක් නොවන අද වැනි යුගයක ‘බොන්ඩ් මහේන්ද්‍රන්ගේ‘ රැස්වීමක කතා කරන සේයාරුවක් ගැනීමට ලංකාවෙන් අධික මහජන මුදලක් වියදම් කරමින් පුද්ගලයෙකු වෙනම රැගෙන යෑම විිහිළුවකි. මොහු රාජ්‍ය නායකයා නම් එසේ රැගෙන ගියාට ප්‍රශ්නයක් නැති නමුත් රජයේ නිලධාරියෙකු ලෙස මෙවැනි නාස්තිකාර වැඩ කිරීම ලංකාව වැනි ණය වාරිකය ගෙවා ගැනීමට ජාතික ආදායම මදි රටකට කිසි සේත්ම ගැලපෙන්නේ නැත.

මීට අමතරව බොන්ඩ් මහේන්ද්‍රන් බැංකු අධිපති වීමෙන් පසු ලංකාව තුල බිම ගමන්ද අමතක වී තිබේ. ඔහු සහ පවුලේ අය රටේ විවිධ ස්ථාන වෙත විනෝද ගමන් යෑම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් භාවිතා කර ඇත. ඒ සඳහා මහ බැංකුවෙන් ගෙවීම් කර තිබේ. මෙම ගමන් බිමන් ජනාධිපතිවරයාගේ ගමන් බිමන් වලටත් වඩා අධිකය. තව මාසයක් පමණක් සේවයේ යෙදීමට වරම් ඇති මොහු ඉදිරි  සති දෙකට පවා හෙලිකොප්ටර් ගමන් වාර 8 ක් වෙන් කර ගෙන ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග කියයි.

මහ බැංකුවේ අධිපතිවරයා ෆයිල් මිටියක් කිහිලි ගන්නා ගෙන ත්‍රී වීල් රථයක යා යුතු අයෙක් නොවන නමුත් ‘කුඩු කතත් විරිත්තමකට‘ යන කියමන ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ නොදන්නා බව ඔහු මහ බැංකු අධිපති වීමෙන් පසු කළ කී දෑ තුලින් පෙනී යයි.

2015 පෙබරවාරි සිට 2016 පෙබරවාරි දක්වා ‘බොන්ඩ් මහේන්ද්‍රන්ගේ‘ ගුවන් කරණම් මෙසේය.

2015 පෙබරවාරි 10-21 දක්වා – ඇමරිකානු සංචාරයකි
2015 මාර්තු 07-12 දක්වා – ඇමරිකානු සංචාරයකි
2015 ජුනි 27-ජුලි 02 දක්වා – සිංගප්පූරුව සහ ජපානයේ සංචාරයකි
2015 ජුලි 10-16 දක්වා – නවසීලන්ත සංචාරයකි
2015 අගෝස්තු 20-21 දක්වා – සිංගප්පූරු සංචාරයකි
2015 අගෝස්තු 25-26 දක්වා – සිංගප්පූරු සංචාරයකි
2015 සැප්තැම්බර් 01-05 දක්වා – සිංගප්පූරුවේ සහ ඉන්දුනීසියාවේ සංචාරයකි
2015 සැප්තැම්බර් 15-17 දක්වා – එක්සත් අරාබි එමීර් සංචාරයකි
2015 ඔක්තෝබර් 01-04 දක්වා – සිංගප්පූරුවේ සංචාරයකි
2015 ඔක්තෝබර් 05-06 දක්වා – මාලදිවයිනේ සංචාරයකි
2015 ඔක්තෝබර් 12-18 දක්වා – සිංගප්පූරුවේ සංචාරයකි
2015 ඔක්තෝබර් 31-නොවැම්බර් 01 දක්වා – සිංගප්පූරුවේ සංචාරයකි
2015 නොවැම්බර් 13-17 දක්වා – සිංගප්පූරුවේ සංචාරයකි
2015 නොවැම්බර් 21-23 දක්වා – ඉන්දියාවේ සංචාරයකි
2015 නොවැම්බර් 24-29 දක්වා – පිලිපීනයේ සංචාරයකි
2015 නොවැම්බර් 27 දා – පිලිපීන සංචාරය අතර දී සිංගප්පූරුවට පැමිණ තිබේ
2015 දෙසැම්බර් 08-12 දක්වා – සිංගප්පූරුවේ සංචාරයකි
2015 දෙසැම්බර් 20-23 දක්වා – සවුදි අරාබියාවේ සංචාරයකි
2015 දෙසැම්බර් 26-28 දක්වා – ඉන්දියාවේ සංචාරයකි
2016 ජනවාරි 20-24 දක්වා – ස්විට්සර්ලන්තයේ සංචාරයකි
2016 පෙබරවාරි 05-10 දක්වා – ප්‍රංශයේ සංචාරයකි
2016 පෙබරවාරි 15-17 දක්වා – චීනයේ සංචාරයකි

මෙවැනි නිලධාරියෙකුට තවත් වසරක සේවා දිගුවක් දිය යුතුද?

1

lankaenews