ලාංකිකයින් වසරකට රුධිර ඒකක ලක්ෂ 04ක් පිනට දෙයි..

ශ‍්‍රී ලංකාවෙන් වර්ෂයකට රුධිර ඒකක ලක්ෂ 04 ක් සපයා ගන්නා බවත්, රටේ ජනගහනයේ සියයට 2 ක් රුධිරය පරිත්‍යාග කිරීම සදහා යොමුවී තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ලෝක රුධිර පරිත්‍යාගශිලීන්ගේ දිනය වෙනුවෙන් වූ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාෙවි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඔබේ ලේ බිදෙන් ජීවිතයට අපේක්ෂාවක්” යන තේමාව යටතේ  සමරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ වර්ෂයකට ආසියානු කළාපයේ රටවල් සදහා රුධිරය ඒකක මිලියන 18 ක් අවශ්‍ය  වන බවයි. ශ‍්‍රී ලංකාවෙන් වර්ෂයකට රුධිර ඒකක ලක්ෂ 04 ක් සපයා ගන්නා බව ද මෙහිදී ප‍්‍රකාශ කරන ලදි. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාෙවි ජනගහනයේ සියයට 2 ක් රුධිරය පරිත්‍යාග කිරීම සදහා යොමුවී තිබෙන අතර, ලෝකයේ රුධිරය ලබාදීෙමි දී මෙය ඉහළ අගයක් බවත්, එය ශ‍්‍රී ලංකාවට මහත් ගෞරවයක් වී ඇති බවත් සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා – ,සිංහල, මුස්ලිම්, දමිල සියළු ජනතාව රුධිරය පරිත්‍යාග කිරීම සදහා යොමුවීම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සුවිශේෂ ලක්ෂණයක් ලෙස හැදින්විය හැකියි. ලංකාවට රුධිරය අවශ්‍ය වන්නේ සියයට 1.5 ක් වුවද ෙමි වනවිට එය සියයට 2 දක්වා වර්ධනය වී තිබීම ද සුවිශේෂි ලක්ෂණයකි. දිවයින පුරා රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 96 ක් ස්ථාපිත කර ඇති අතර, තවත් මධ්‍යස්ථාන 19 ක් විවෘත කිරීමට ද නියමිතයි. මෙසේ රුධිර පරිත්‍යාගශීලින්ගේ ප‍්‍රමාණය වැඩිවීමට රටේ සංස්කෘතික පසුබීම ද බලපා ඇත. එම නිසා රටේ රුධිර පරිත්‍යාගශීලීන් නිහඩ විරුවන් ලෙස හැදින්විය හැක.”

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ඉදිරියේ දී ඇටමිදුණු බද්ධ කිරීම ද ආරම්භ කරනවා. තව මාස 04 කින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ ළමා රෝහල හා පිළිකා රෝහලේ දී මෙම ඇටමිදුණූ බද්ධ කිරීෙමි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර ඊට රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සුවිශේෂි දායකත්වයක් ලබාදෙනවා. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය  තීරණය කර ඇත්තේ රුධිරය නොමිලේ ලබාදීම 2020 වනවිට සිදු කිරීමටයි. නමුත් ශ‍්‍රී ලංකාව 2014 වනවිට එම තත්ත්වයට ලඟා වී තිබෙනවා.”

ෙමි අතර සාලාව ප‍්‍රදේශයේ ඇති වූ පිපිරීම හේතුවෙන් විනාශයට පත් වූ කොස්ගම ප‍්‍රාදේශීය රෝහල ත‍්‍රීවිධ හමුදාෙවි සහයෝගයෙන් සාදා නිම කරන ලද අතර, එහි ප‍්‍රතිකාර කිරීෙමි කටයුතු ආරම්භ කළ බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම රෝහලේ ප‍්‍රතිකාර සේවාවන් ආරම්භ කරන ලද අතර, මෙම රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ, ඇදන් ඇතුළු අනිකුත් සියළුම සේවා කටයුතු අද පෙරවරුව වනවිට එම රෝහලට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.

h

– නිපුන් ඒකනායක