විග්නේෂ්වරන්ට විරෝධයක්

වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය  සී.වී විග්නේෂ්වරන් මහතාට ඊට සහභාගී වූ තවත් දේශපාලකයින් පිරිසකගේ  විරෝධතාවයක් එල්ල වී තිබේ.

උතුරු පළාත් සභාවේදී ගන්නා ලද තීරණයක් ප්‍රධාන අමාත්‍යවරයාගේ අභිමතය පරිදි වෙනස් කර ඇති බවට චෝදනා කරමින් ඔවුන් විරෝධය පළ කළ බව වාර්තා වෙයි.

වව්නියාව ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානය වව්නියාව නගර ආසන්නයේ පිහිටි තාන්ඩිකුලම් ප්‍රදේශයේ ඉදිකළ යුතු බවට උතුරු පළාත් සභාව තීරණය කර ඇති බව සඳහන්ය.

එහෙත් සී.වී විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා එය නගරයට කිලෝමිටර් 14ක් දුරින් පිහිටි ඕමන්ත ප්‍රදේශයේ පිහිටුවීමට අවසර ඉල්ලා අග්‍රාමාත්‍යරයා වෙත ලිපියක් යොමු කර ඇති බව විරෝධතාවට එක්වූ උතුරු පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රකාශ කළේය .

මේ අතර වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 3000ක මුදල් ලබාදී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

sa