වැට් බද්දෙන් සහනයක්

බාහිර රෝගී ප‍්‍රතිකාර අංශවලට පනවා තිබූ වැට් බද්ද අද (19) සිට අහෝසි කරනවා. ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත් කරන බව රජය ප‍්‍රකාශ කළා. ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් වැට් බද්ද ඉවත් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පෙන්වා දුන්නා.

ආර්ථිකය නඟාසිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් රජය කි‍්‍රයාත්මක කර තිබෙනවා. එහි ප‍්‍රතිලාභ ඉදිරියේදී ජනතාවට හිමිවන බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජල ගැල්මෙන් විපතට පත් ජනතාවට රුපියල් දස දහසේ දීමනාව ලබාදීමේ උත්සවය ඊයේ (18) පස්වරුවේ පැවැත්වුණා. ඊට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

 

e