පීඑච්අයිලාට දන්සලකින් පොලු පහර දානයක්

පිළිමතලාව ගිරාගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයින් පිරිසක් පහර කෑමට ලක්ව තිබෙණවා.
මෙලෙස පහර කෑමෙන් අනතුරුව රෝහල් ගත කර ඇත්තේ පොසොන් දන්සල් නිරීක්ෂණයේ යෙදුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු හා ආධුනික මහජන සෞඛ්‍ය නිලධාරීන් අට දෙනකුයි.
දන්සලක් නිරීක්ෂණය කරමින් සිටියදී එහි සිටි පුද්ගලයන් දෙදෙනකු මෙම පහර දීම කර ඇතැයි බවයි යටිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ

එම දන්සලේ භාජන සේදීමේදී ජලය ගලා යන ලෙස සින්ක් එකක් තබන ලෙස සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෝජනා කිරීමෙන් අනතුරුවයි මෙම පහර දීම සිදුවී තිබෙන්නේ.

එම ස්ථානයේ සිටි මධ්‍යම පරිසර අධිකාරියේ බව කියන අයකු ඔවුනට පරුෂ වචනයෙන් බැන පොලු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
21