සැසිය වර්ජනය කර ගර්භයෙන් පිටව යයි

මධ්‍යම පළාත් සභාවේ සියලුම මන්ත්‍රීවරුන් අද(21) දිනයේ පළාත් සභා සැසිවාරය වර්ජනය කර තිබේ.

අද උදෑසන 10.00ට මධ්‍යම පළාත් සභාව ආරම්භ වී ඇති අතර අනතුරුව 10.30ට පමණ සියලුම මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඊයේ(20) දිනයේ දී අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් කාසිම් මහතා පළාත් සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය කාර්යාලයේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

කෙසේවෙතත් මෙම රැස්වීම සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතා දැනුම්වත් කර නොමැති බව වාර්තා වෙයි.

මෙම කාරණය සම්බන්ධයෙන් අද දිනයේ බන්දුල යාලේගම මහතා මධ්‍යම පළාත් සභාවට කරුණු ඉදිරිපත් කර තිබේ.

අනතුරුව පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඊයේ දිනයේ සිදුවු සිද්ධිය පිළිබඳව මන්ත්‍රීවරුන් විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියට පැමිණිලි කර තිබේ.

3