සියයට 80ක්ම ණයවලටයි ගෙවන්නේ – බදු බර වැඩිබව පිළිගන්නවා

වත්මන් ආණ්ඩුව ගනු ලැබූ ණයවලින් සියයට 80ක් වැය වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ණයවල පොලී හා වාරික ගෙවීමට බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමතිවරයා මේ බව කිවේය.

එදා සිදුකළේ සංවර්ධනයක් නොව සංදර්ශනයක් බවත්, වත්මන් රජය සෑම කටයුත්තක්ම කරන්නේ විනිවිදභාවයක් ඇතිව බවත්, හෙතෙම පැවසීය.

බදු බර වැඩිබව පිළිගන්නා බවත්, මේ නිසා ඉහළ ආදායම් ලබන ව්‍යාපාරිකයින් මත ප්‍රාග්ධන බද්දක් පනවා සාමාන්‍ය ජනතාවගේ බදු බර අඩුකරන බවද හෙතෙම කීවේය.

මහබැංකු අධිපතිවරයා අගමැතිවරයාගේ යහළුවෙක් වුවද ඔහු සුදුසුකම්, අත්දැකීම් ඇති නිලධාරියෙකු බවද ඒ මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස කියා සිටියේය.

t