වැඩ බැරි ටාසන්

ටාසන් යන නම සිහිපත් වන විට අපේ සිත්හි හරි අපුරු සවිමත් මිනිසෙකු පිළිබඳ මතකයක් අවදිවෙයි. ඒ සමාජය තුලින් නිර්මාණය වූ අපුරු කතාවක චරිතයක් නිසාය. එය බාල මහලු කොයි කාගේත් සිත් ගත් කතාවක්.ඇත්තටම සවිමත් මිනිසෙකුගේ අපුරු කතාවක්. දේශපාලනය කරන ටාසන් කෙනෙක් පිළිබඳ කතාවක් තමයි මේ කියන්න යන්නේ.මේ ඔහු පිළිබද බොහෝ දිනක් බලා සිට කරන හෙළිදරව්වක්. ඒ සිනමාවේ වීරයා පාර්ලිමේන්තුවේ කවටයා  රන්ජන් රාමනායක . හෑබෑයි මොහු ටාසන් කෙනෙක්ගේ රගපෑම සිදු කරන්න හෑදුවත්.වෑඩ බෑරි ටාසන් කෙනෙක් කියලා ජනතාව දෑනටමත් තේරුම් අරන් තියෙන්නේ.

දෑන් පාර්ලිමේන්තුවේ බලය හිමි පෑත්තේ වාඩි වී කටයුතු කරන රන්ජන් රාමනායක ජනතාව ගොනාට අන්දන්නේ හරි අපුරු ආකාරයට. ඒ තමන්ගේ අල්පේච්ච ජීවිතය පිළිබදව දිනපතා සිහිපත් කරමින් සහ ඔහුට රෑකීමට පවුලක් නොමෑති බව පවසමින්.නමුත් මේ අන්දන්න හදන ගොනා පිළිබදව බහුතරයක් ජනතාවට දෑන් වෑටහිලා තියනවා. පසුගිය දවසක අල්පේච්ච ජීවිකාවක් ගෙනියන රන්ජන් මාදිවෙල දෙවනත් කරමින් සටන් සහිත ජවනිකාවක් රගපෑවා. ඒ ඔහු සම්බන්ධ චිත්‍රපටියක ගිනි අවි සහිත දර්ෂණයක්. මාදිවෙල ප්‍රදේශයේ මන්ත්‍රී නිවාස අසළ තමයි මේ ජෝගිය ඔහු නෑටුවේ.කුඩා දරුව්න් බොහෝමයක් මෙන්ම ජනතාව වෑඩි වශයෙන් ගෑවසෙන ප්‍රදේශයක මෙවෑනි ගිනි අවි සහිතව කරන රගපෑමට දෑඩි ජනතා විරෝධයක් එල්ල වුනා.

අන්තිම්ට ජනතාව මේ පිළිබදව ඉහළම පුද්ගලයින් දෑනුවත් කර තිබුනා. අන්තිමට රන්ජන්ගේ මේ ගොන් වෑඩේ නවත්වන්න කියලා දුරකථන ඈමතුම ආවේ අගමෑතිතුමාගෙන්. ඒ රන්ජන්ගේ කණ පිරෙන්න බෑනුම් ගොඩකුත් එක්ක.රන්ජන් කරපු මේ ගිණි අවි සෙල්ලම පාර්ලිමේන්තුව දක්වාම ගිහින් තිබුනේ ඔහුගේ මේ ගොන් වෑඩේ නිසා විශාල ප්‍රදේශවාසීන් පිරිසක් අපහසුවට ලක් වෙච්ච නිසා.

පහුගිය කාලයේ රන්ජන් ගොඩාක් කතා කලේ රට ගිහින් වහල්කම් කරලා දුක් විදින අපේ මිනිස්සු ගෑන. හෑබෑයි මේ වෑඩ බෑරි ටාසන්ට බලය ලෑබුනම ඒ ගෑන සද්දයක්වත් නෑ. ඩුබායිවලට ගිහින් හෝටලයක් වටේ කෑරකිලා හරි ලොකු සද්දයක් දෑම්මා මේක මහින්ද රාජපක්ෂලා හොරාකාපු සල්ලි වලින් හදපු එකක්. අපි මේ සල්ලි නෑවත ගේනවා හොරු අල්ලනවා කියලා. හෑබෑයි ඒ කතාව එතනින්ම අවසන්ය. මෙවෑනි විකට කතා බොහෝමයකට පසුගිය කාලය පුරාම පණ පොවපු මේ වෑඩ බෑරි ටාසන් අපේ රටේ ඔහුගේ භාෂාවෙන්ම කී වහල් වෙලදාමට යවන අපේ මිනිස්සු ගෑන අද කතාවක්වත් නෑ.

දුක හිතෙන කතාව නම් වෑඩ බෑරි ටාසන් නෑවත මාතර සුනිල් ගේ චරිතය රගපෑමට ගොස් අනාගත් හෑටිය. වගකීමෙන් තොරව මාධ්‍ය ඉදිරියේ මිනිසුන් මරා දෑමීමට සහ ගෙවල් ගිනි තෑබීමට යොදාගත් රථයක් මාදිවෙල ඈති බවට සන්දර්ෂණයක් පවත්වා එයින්ද ඔහු ලෑජ්ජාවට පත්විය. දේශපාලකයන් නලුවන් වු විට රටේ ජනතාවට සිදු වන්නේ මෙවන් සන්දර්ෂණ නරඹමින් සිටීමටය. රන්ජන් හොද නලුවෙක් වුවත් ඔහු දේශපාලණයට නම් වෑඩ බෑරි ටාසන් කෙනෙකි. ගෙදර කුස්සියේ වලදක් පෙන්වමින් සමාජජාල මාධ්‍ය ඉදිරියේ ඔහු පවසන්නේ බලන්න මාත් ඔබලාවගේම තමයි කන්නේ කියාය. මෙවෑනි දේවල් දකිද්දීනම් මුහුණටම කියන්නට හිතෙන්නේ මහින්දානන්ද රන්ජන්ගේ මුහුණට ගෑසු පහරට වඩා ඔහුගේ පිටුපසට තදින් පහරක් ගෑසුවානම් මොලේ පෑදෙන්නට ඉඩ තිබෙන බවය.

අපේ රටේ ජනතාව මෙවෑනි වෑඩ බෑරි ටාසන්ලාගේ මාධ්‍ය සන්දර්ෂණ නරඹමින් තවමත් ජීවත්වෙන්නේ ඉතා අපහසුවෙන්ය. දේශපාලකයින් ලෙස ජනතාව පත් කරන නියෝජිතයින් සියල්ලටම වලදෙන් කකා පාරේ බස් එකේ අපිත් එක්කකම යමන් යෑයි කිසිදිනක කියන්නේ නෑත. පත් කරන දේශපාලකයා හෑම් බේකන් කමින් රටේ ජනතාවටද කිරියෙන් පෑණියෙන් ඉතිරෙන්න පහසුකම් ලබා දෙන්නේ නම් ජනතාවටද සතුටුවිය හෑකිය.රන්ජන් ගෙදර වලද පෙන්වා වෑඩි පුරම කන්නේ ලොකු තරු පහේ හෝටල් වලින්ය. ඈග පත සදහා ඔහුගේ වියදම දන්නෝ දනිති. ජනතාව බලාපොරොත්තු වන්නේ රටට වෑඩක් කරන දේශපාලකයින්වයි.  ඒ නිසා දෑන්වත් රට වෙනුවෙන් වෑඩක්කරන්නට පටන් ගන්න.

5