ගූගල් දොස්තර ඉස්සරහට තවත් දියුණු වෙයි

හැමෝම තමුන්ගේ ඕනෑම අර්බුදයක් ගූග්ල් කරන එක දැන් පුරුද්දක් වෙලා. එය කොතෙක් දුරට විශ්වාස කළ හැකිද යන් පිළිබඳ සහතික විය නොහැකි වුවත් බොහෝදෙනා එය තවමත් සිදු කරනවා. මේ ඒ වෙනුවෙන් ගූග්ල් ගන්නා විශාල පියවරයි. එය ඔබට ඔබේ ලෙඩ රෝග නිර්ණය කරගැනීමට උදවුවක් වේවි.

මීළඟ දින කිහිපය තුළ ගූග්ල් එම සේවාව ඔබට ලබාදීමට සැරසෙනවා. එහි නම symptom search නම් වනු ඇති අතර එය සරලවම ගූග්ල් සෙවුමෙහි සෙවීමෙන් ඔවුන් ග්‍රහණය කරගෙන ඔබට පිළිතුරු සොයා දෙනවා. එය ඔබේ රෝගයක මූලික ලක්ෂණ, එහි දිගුවක් සේම, එය සුව කරගන්නට ඔබට ගත හැකි පිළියම් ඇතිනම් ඒවාද දක්වා තිබෙනවා.

උදාහරණයකට ඔබ හිසරදය සම්බන්ධයෙන් සෙවීමට headache යන වදන භාවිත කළොත් එහි හිසරදය සම්බන්ධ කෙටි සාමාන්‍ය සටහනක් පෙන්වනවා. ඒ වගේම ඔබට නිවසේදීම ඒ වෙනුවෙන් සමනය කරගැනීමට සිදු කළ හැකි ප්‍රතිකාර කිහිපයක් එහි දැක්වෙනවා. එසේම ඒ වෙනුවෙන් යෝජනා හෝ ඔබ දොස්තරවරයෙකු වෙත යා යුතුද නැද්ද යන්න එහි දැක්වෙනවා.

ගූග්ල් පවසන පරිදි ඔවුන්ගේ අවශ්‍යතාව ඇත්තේ ගූග්ල් භාවිත කර මෙවන් දේ වෙනුවෙන් උදවු පතන පරිශීලකයන්ට බොහෝ නිවැරදි තොරතුරු ලබාදීමයි. මේ වෙනුවෙන් ගූග්ල් සමාගම හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයෙන් සේම තවත් බොහෝ තැන්වලින් උදවු ලබාගෙන තිබෙනවා. ඉදිරියේදී මෙය ඉංග්‍රීසි භාෂාවට පමණක් නොව අනෙක් භාෂාවලටද සහය දක්වන ලෙස සැකසීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

1