චම්පිකගේ වාහනේට හැප්පුනු සංදීප්ගේ ජීවිතේ බේරගන්න අම්මයි – තාත්තයි කරන සටන

සන්දීප් මතකද….?

සමහර අයට ඉක්මනින් අමතක වෙලා ගිහිල්ලා. අනිත් අයටත් අමතක කරලා දාන්න උවමනා වුණාට සන්දීප්ව රටට අමතක නෑ.

ඒ නිසා අපිටත් අමතක කරලා දාලා ඉන්න බෑ.

ඒ නිසා අපි ආයෙත් සන්දීප්ව බලන්න ගියා.

මේ මාසෙ විසිහත් වැනිදා වෙනකොට සන්දීප් හැප්පිලා මාස හතරයි.

එතකොට දැන් මොකක්ද සන්දීප්ගේ තත්ත්වේ…..

රටේ මිනිස්සු ලක්ෂ ගණනක් අපෙන් ඒ ගැන අහනවා. අපිට ඒ ගැන රටෙ කියන්නම වෙනවා..

රාජගිරියේදි අනතුර පත්වෙන සන්දීප්ව සිහිසුන් තත්ත්වයෙන් අරගෙන එන්නේ කොළඹ ජාතික රෝහලට, ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔහු සිහියක් පතක් නැතුව දවස් ගාණක් ගත කරනවා. කෑමක් බීමක් නෙමෙයි වතුර උගුරක් පවා දෙන්නේ බටවලින්.

සසන්දීප් පවුලේ එකම දරුවා වීඹ නිසා මේ දුකත් එක්ක සන්දීප්ට තනි රකින්න ඉන්නේ අම්මයි තාත්තතයි.

ඒත් එක්ක යාළුවො, නෑදෑයෝ රටේ ඉන්න පාට පක්ෂ භේද නැතුව අසාධාරනයට එරෙහි මිනිස්සු සන්දීප් වෙනුවෙන් ඉදිරියට එනවා තමයි. ඒත් තමන්ගේ ආදරණීය දරුවා වෙනුවෙන් දුක් උහුලන්නෙ ඒ අම්මයි තාත්තයි.

ඒ ජීවිත සම්පූර්ණයෙන්ම දියවෙලාා යන්නෙ ජාතික රෝහලේ එළිපත්තේ.

හරයිට කෑමක් බීමක්, නින්දක් නෑ. සමහර වෙලාවට අව්වෙන් වැස්සෙන් බේරෙන්නවත් විදියක් නෑ. සමහර විට ඒ අයට ඒ කිසි දේකට වුවමනාවක් නැතුව තියෙන්න ඇති. එකම පුතා අවුරුදු විසිතුනක් තිස්සෙ පරිස්සම් කරලා කතාවක්, බහක් සිහියක් පතක් නැතිව ඔහේ ඉන්නකොට කෑමක් කන්න හිතෙන්නෙ කොයි අම්මට තාත්තට ද ?

“අපිට ඒ කාලෙ ගෙදර ගිහිල්ලා ආයෙ ඉස්පිරිතාලෙට එන්න බෑ. අපි හයටයි, දොළහටයි, හයටයි තුන් වතාවටම පුතාව බලන්න එනවනෙ. ඉතින් අපි කරන්නෙ ඉස්පිරිතාලෙ ගාවට වෙලා ඉන්න එක.”

එහෙම දුෂ්කර ජීවිතයක් ගත කරපු මේ මිනිස්සු මේ අනතුර කළාය කියන පාඨලී චම්පික ඇමතිතුමාව මුණගැහෙන්න යන තරමටම අසරණ තත්ත්වෙට වැටුණා. ඒත් වචන ඇරුණම වෙන දෙයක් මේ මිනිස්සුන්ට ලැබුණෙ නෑ. ඒ මිනිස්සු වෙන වෙනම දුක් විනදා. සන්දීප් ඉස්පිරිතාලෙ දුක් විදින අතරෙ තාත්තයි අම්මයි ඉස්පිරිතාලෙ එළිපත්තෙ දුක් වින්දා. ඇත්තටම ඒ මිනිස්සුන්ට උවමනා වෙලා තිබුණෙ ජීවත් වෙන්න විතරයි. තුන්දෙනෙක් හිටපු පවුලේ තුන්දෙනාම එකට ජීවත් වෙන්න, පරණු පුරුදදු විදියටම පුතා ගෙදර එනකන් අම්මට බලා ඉන්න, පුතාට කියලා, තාත්තට කොත්තුවක් ගෙනත් දෙන්න ඒ වගේම සාමාන්‍ය විදිය ජීවත් වෙන්න. ඒත් ඒ දේවල් ආයෙ දෙන්න දෙවියො ඉක්මන් වුණේ නෑ.

ඒත් කිසිම හැල හොල්මනක් නැතුව හිටපු සන්දීප් වටේ හිටපු මිනිස්සුන්ගෙ හදවත්වල ආශිර්වාදයේ අයියෙන්ද කොහෙද ඇස් ඇරියා. අර අම්මලගේ තාත්තලගේ ඇස්වලට සතුටු කදුළු එන්න ඒ චුට්ට හොදටම ඇති. එහෙම යන්තං ඇස් ඇරපු සන්දීප් එයාගේ වටේ හිටපු මිනිස්සුන්ව ජීවත් කරවන්න පටන් ගත්තා. එතෙනින් පස්සෙ සන්දීප්ගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික.

“ජාතික රෝහලේ හිටියෙ දොස්තර නෙමෙයි දෙවිවරු. ඒ අය තමයි මමගේ දරුවව මේ තත්ත්වෙට හරි ගෙනාවේ. මම පින් දෙනවා ඒ අයට.”

ඔහු මට ඒ ගැන කියන්න අද සන්දීප් ඉන්න තත්ත්වෙ ගැන කතා කරන්න ගියා පස්සේ.

දැනට සන්දීප් ප්‍රතිකාර ලබන්නේ ජාතික රෝහලේ නෙමෙයි. රාගම රෝහලේ. අපි දන්න විදියට සන්දීප් දැනට ඉන්න තත්ත්වෙ අනුව ඔහුට ප්‍රතිකාර කරන්න පුළුවන් හොදම තැන රාගම රෝහල. සන්දීප්ගේ තාත්තා දයානන්ද ගුණවර්ධන මමහත්ත රාගම රෝහල ගැනත් කතා කරන්නෙ අතිශය පැහැදීමකින්.

“මෙහෙත් එහෙමයි. අධ්‍යක්ෂතුමගේ ඉදලා හැම කෙනෙක්ම වාට්ටුවෙ දොස්තර දෙන්නා, නර්ස්ලා හුගාක් හොදයි.”

ඒත් එතනින් එහාට මේ අයගේ ජීවිතේට අද මොකද වෙලා තියෙන්නේ…..

අපි කතා කළා ඒ ගැනත්, ඔභ අහන්න ඒ ජීවිතේ ගැන. ඔවුන්ගෙම වචනවලින්.

“දැන් අපි ඉන්නෙ මෙහෙ. අපි දෙන්නා උදේ ඉදලා රෑ වෙනකල්ම ඉස්පිරිතාලෙ. දරුවගෙ ළගට වෙලා ඉන්නවා. මම එයාව ව්‍යායාම කරන්න එක්කගෙන යනවා. උදෙයි හවසයි කරන්නෙ ඒ වැඩේ. ඊට පස්සෙස් අපි දෙන්නගෙන්, මගේ නෝනා ගිහිල්ලා නිදාගන්නවා.”

මේ කතා කරන්නේ සන්දීප්ගේ තාත්තා.

“අපි මෙහෙන් කාමයක් ගත්තා. රුපියල් පන්දාහකට. ඒකෙ කිසිම දෙයක් නෑ. ගෑස් ළිපක් තියෙනවා මොනවා හරි රත් කර ගන්ඩ. අපි නම් එහෙම කෑමක් කියලා දෙයක් කන්නෙ නෑ. මේ වෙලාවෙ අපිත් වැටිලා බැරි නිසා මොනවා හරි කඩේන් අරනෙ ගිහිල්ලා කනවා. වෙන මොනවත් ඒ කාමරේ නෑ. මෙට්ට කෑල්ලක් තියෙනවා වැටිලා නිදා ගන්න. මගේ නෝනා මේ දුක් විදින විදිය ගැන මටම පුදුමයි. එයා කාත් කවුරු නැතුව කවුරුවත් නොදන්න තැනක තනියම ඉන්නවා. මොනවා කරන්නද, අපිට ඉන්න ලොකුම සම්පත දරුවනේ. ඒ නිසා මේ දුක් උහුලනවා.”

අද වෙනකොට සන්දීප්ගේ අම්මයයි තාත්තයි දෙන්නාගේ ගේදොර අතඇරලා  දාලා දරුවා නතර කරලා ඉන්න ඉස්පිරිතාලෙ ළග තැන පුංචි කාමරයක් අරගෙන නතර වෙලා.

එතකොට වියහියදම් ?

“මම රට ඉදලා හම්බකරපු කීයක් හරි තමයි ඉතින් තියෙන්නේ. ඒවා හම්බ කළෙත් මේ දරුවා වෙනුවෙන්නෙ. ඒ නිසා ප්‍රශ්නයක් නෑනේ.”

එහෙම කියන්නේ සන්දීප්ගේ තාත්තා.

ඔහු එහෙම කිව්වට ඒ කතාව අස්සෙ තියෙන කදුළු පුළුවන් නම් තේරුම් ගන්න. මේ තාත්තා දුක් ඉහලුවෙ දරුවට බෙහෙත් කරන්න සල්ලි එකතු කරන්න නෙමෙයි. දරුවගේ ජීවිතේ ලස්ස කරන්න. ඒත් ඒවා ඔක්කොම හීණ විතරක් වෙලා. දැන් ඒ සල්ලි වලින් සන්දීප්ව ජීවත් කරනවා.

සන්දීප්ගේ අම්මා වෙස්සන්තර දේවි වගේ. හැම දුකක්ම උහුලනවා. ඒත් ඒ අම්මා මගේ ළග ඇඩුවේ නෑ.

“ඒ හබප්පපු කෙනාට එයාගෙ බලය පාවිච්චි කරලා මගේ දරුවව සනීප කරන්න පුළුවන්. ඒත් එක දවසක් ඇවිල්ලා වන්නවත් මනුස්සකමක් නැති කෙනෙක් එහෙම දෙයක් කරයිද ? රජයේ ඇමැති කෙනෙක්ටවත් බැරිද මේ දරුවා වෙනුවෙන් සාධාරණයක් කරන්න.”

අපි ඒවට උත්තර දෙන්න දන්නේ නෑ. සන්දීප් ඉන්න තත්ත්වය සතුදායකයි කියන්න තරම් අපි ඉක්මන් වෙන්නෙ නෑ. තාම සන්දීප්ට හරියට කතා කරන්න බෑ. ඇවිදින්න බෑ. දකුණු අත සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නෑ. ඔහුට හුගාක් දේවල් අමතකයි. ඒත් මේ අහස යට කොහේ හෝ ඉන්න දෙියක් සන්දීප්ව සුව අතට අරගෙන යනවා. අපි මුළු රටම එකතුවෙලා ආයෙත් සන්දීප්ට සුවය ලැබේවයි ප්‍රාර්ථනා කරමු. නීතියෙන් සාධාරණය ඉටුවේවායි ප්‍රාර්ථනා කරමු. අපිත් එක්ක එකතුවෙලා එහෙම ප්‍රාර්ථනා කරන්න බැරි අයට කවදා කෙකාහොම කොතැනින් බේරුණත් දෛවයෙන් බේරෙන්න බෑ කියලත් මතක් කරමු.

f

ජීවන පහන් තිළිණ

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්