ලක්ෂ 34 ක මැණික් ගල් තොගයක් සමඟ කතක් කොටුවෙයි

නීති විරෝධීව මැණික් ගල් තොගයක් දිවයිනෙන් රැගෙන යාමට උත්සාහ කල චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොංකොං නුවර බලා යාමට පැමිණි මෙම කාන්තාව සිය ගමන් මල්ලේ සගවා මැණික් ගල් රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 34 ක් බවට ගණන් බලා තිබෙනවා.

රේගු පරීක්ෂණවලින් පසු 26 හැවිරිදි සැකකාරිය රුපියල් ලක්ෂයක දඩයක් මත නිදහස් කර ඇති අතර මැණික් ගල් තොගය රාජසන්තක කර තිබෙනවා.

s