තෙවරප්පෙරුමට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න

පාසලක් තුළදී සියදිවි නසා ගැනීමට තැත්කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ලබාදී ඇත්තේ වැරදි පූර්වාදර්ශයක් බවත්, එය දැඩි ලෙස හෙළාදකින අතරම ඔහු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වහාම විනය ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ මෙය රටේ සාමාන්‍ය ජනතාවට ලබාදෙන වැරදි පූර්වාදර්ශයක් මෙනම යහපාලනයක් වෙනුවෙන්  දුන් පොරොන්දු කඩවීමක් ලෙස දැකිය හැකි බවයි.

ඒ අනූව දේශපාලනඥයෙකු ලෙස වගකිව යුතු තනතුරක් දරමින් ඔහු විසින් සිදුකර ඇත්තේ නොවටිනා ක්‍රියාවක් බවත්, ඔහුගේ පූර්වාදර්ශය සැබවින්ම සමාජයට අහිතකර බැවින් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගත යුතු බව එකී ලිපිය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මේ අතර මහබැංකු අධිපති තනතුර සඳහා දේශපාලන බලපෑම්වලින් තොරව කඩිනමින් ඊට සුදුසු නිලධාරියෙකු පත්කිරීමට පියවර ගන්නා ලෙස ද එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද තවත් ලිපියක සඳහන් වේ.

1