රජයේ රෝහල් හෙට වර්ජනයක

දිවයින පුරා රජයේ රෝහල්වල හෙට(04) දිනයේ සැළසුම් කළ පරිදි සංකේතාත්මක වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් නවීන්ද සොයිසා මහතා සඳහන් කළේ හෙට පෙරවරු 08.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැය 04ක කාලයක් එම සංකේතාත්මක වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ ආයුර්වේද වෛද්‍යවරුගේ සංගමය ඒකාබද්ධව සිදු කරන මෙම වැඩ වර්ජනයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ගණනාවක් සහය පළ කර ඇති බව සඳහන්ය.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ සහ ශිෂ්‍ය මර්දනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් එම වැඩවර්ජනය ක්‍රියාත්මකය.

4