ඇමති රාජිත, හෘද රෝගීන්ට මුවා වී ජාවාරම් වසන් කිරීමේ වෑයමක!

රජයේ රෝහල්වලින් හෘද රෝගීන්ට අවශ්‍ය ස්ටෙන් (Stent) නොමිලයේ ලබාදීමට ‍ සෞඛ්‍ය ඇමැති නියෝග කළ බවට පුවත සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට කීර්තිනාමයක්  ඇතිකිරීමේ උත්සාහයක් බව අමාත්‍යංශ ආරංචි මාර්ග හෙළිකරයි.

හෘදයට රුධිරය සපයන නාළ අවහිරතා මඟහරවාගැනීම සඳහා භාවිත කරන ස්ටේන්  හෘද රෝගීන්ට නොමිලේ ලබාදීමට ඇමැතිවරයා නියෝග කළ බවට පුවත් මවමින් වෙබ් අඩවි, පුවත්පත්, රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකා හරහා මේ දිනවල විශාල ප්‍රචාරයක් ගන යනු ලැබේ. එහෙත් නිදහස් සෞඛ්‍ය සේවය යටතේ මෙවැනි උපකරන කාලයක් තිස්සේ රෝගීන්ට නොමිලයේ ලබා දී තිබිණි. මේ දිනවල මාලබේ ‘සයිටම්‘ උපාධි විකිනිම වෙනුවෙන් පෙනී සිටීමෙන් ෙවෙද්‍ය ශිෂ්‍යයන්, මවුපියන්, වෛද්‍යවරුන් අුළු සාමාන්‍ය ජනතාව අතර බලවත් අපකීර්තියට පත්ව සිටින රාජිත ඇමැතිවරයා මෙවැනි ප්‍රචාරයන් හරහා කීර්තිය දිනාගන්නට උත්සාහ කරන බවට චෝදනා එල්ල වී ඇත.

මෙවැනි බාල ජනප්‍රියතාවයක් වෙනුවෙන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය ලබාගන්නා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පසුගිය කාලයේ තමන්ගේද වගකීම යටතේ සෞඛ්‍ය සේවයේ සිදුව ඇති ජාවාරම් හා සැපයුම් අංශයේ පරිපාලන බිදවැටීම නිසා මෙවැනි අත්‍යවශ්‍ය මෙවලම් රෝගීන්ට ලබානොදෙන්නට කටයුතු කෙරුනු ආකාරය ගැන කිසිවක් පවසන්නේ නැත.  කාලයක් නොමිලයේ ලබාදුන් බොහෝ ඖෂධ වර්ග පවා නොමිලයේ දෙනු වෙනුවට වෙළෙද නාමය සහිත තුණ්ඩු නිකුත් කිරීම හා ඒවා බාහිර ෆාමසිවලින් ලබාගන්නා ලෙස දැන්වීම කාලයක් තිස්සේ ඇති වූ තත්වයකි. දැනට වෛද්‍ය සැපයුම් අංශය හරහා ලැබෙන ඇතැම් උපකරණ බාල තත්වයේ පවතින බවට රෝහල් ආරංචි මාර්ග හෙළිකරයි. මෙවැන් බාල තත්වයේ උපකරණ ගෙන්වන්නේ ඇමැතිවරයාටද කොමිස් හිමි කරදෙන වෛද්‍ය උපකරණ ජාවාරම්කරුවන් හරහාය. මේ නිසා වෛද්‍යවරු වඩා හොද තත්වයේ උපකරණ බාහිර ආයතනවලින් මිලදී ගන්නට උපදස් ලබා දෙයි. රජයේ රෝහලකදී සිදුකරන සැත්කමකදී පවා ස්ටේන් පිටතින් රැගෙන ඒමට රෝගීන්ට සිදුව තිබෙන අතර, එක් ස්ටේන් එකක් මිලදී ගැනීම සඳහා රෝගීන්ට රුපියල් එක්ලක්ෂ විසි පන්දහසත්, එක්ලක්ෂ පනස් දහසත් අතර මුදලක් වියදම් කිරීමට සිදුව ඇත. වෙළෙද නාම සහිතව ස්ටේන් උපකරණ ලබාගන්නට දෙන තුණ්ඩු කැබලි නිසා වෛද්‍යවරුන්ට හිමිවන කොමිස් මුදල් රුපියල් 15000-35000 අතර වේ.

රෝගී ජනතාවගේ  දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ස්ටේන් නොමිලේ ලබාදීමට රැ. බිලියන ගනන් වෙන්කර සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න වැඩපිළිවෙළක් සකස් කළ බවට කෙරෙන ප්‍රචාරය තුළින් ඇමැතිවරයා විසින් වගකීම භාරගතයුතු නිර්ලජ්ජිත සැපයුම් ජාවාරම වසන් කරන්නට නොහැකි බව රෝහල් සේවකයෝ පවසති.

 

9

lankaviews