එල්ලෙන්න ගිය තෙවරප්පෙරුමට විරෝධය (වීඩියෝ)

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ කි‍්‍රයා කලාපයට එරෙහිව ගුරුවරු හා විදුහල්පතිවරු අද මතුගමදී විරෝධතාවක නිරත වුණා. ඊට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම්වල නායකයන් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා බලහත්කාරයෙන් සිසුන් 10 දෙනෙකු මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට ඇතුලත් කිරීමේ සිද්ධියට විරෝධය පළකිරීමට මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී අද උදෑසන මේ විරෝධතාවය ආරම්භ කෙරුණා. ඊට මතුගම අධ්‍යාපන කලාපයට අයත් සියලූම පාසල්වල විදුහල්පතිවරු මෙන්ම වලල්ලාවිට කලාප කාර්යාලයට අයත් සියලූම ගුරුවරු එක්ව සිටියා.

විරෝධතාවයේ නිරත පිරිස මතුගම අධ්‍යාපන කලාප කාර්යාලයේ සිට පා ගමනින් මතුගම නගරයට පැමිණියේ විවිධ සටන් පාඨ කියමින්.