ශත හතට කෑම දෙන ජයලලිතා ගේ ‘අම්මා කැන්ටිම’

තමිල්නාඩු මහා ඇමතිනී ජයලලිතා ජයරාම්ට හිමි ‘අම්මා ආපන ශාලා’ ඉතාමත් සුළු මුදලකට දිනකට දස දහස් ගණන් පිරිසකට කෑම බීම සපයන හේතුවෙන් දුප්පත් සහ මධ්‍යම පන්තික ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇති බව වාර්තා වෙයි.

ජයලලිතා මේ කැන්ටින් ආරම්භ කර ඇත්තේ 2013 දි. ඇය ප්‍රසිද්ධ වෙලා ඉන්නේ අම්මා කියන නමින්. ඒ නිසා මේ ආපන ශාලා වලින් බලාපොරොත්තු වෙන්නෙ අඩුමුදලට මිනිස්සුන්ට කෑම සපයන එක.

අද වන විට මේ ප්‍රාන්තයේ පමණක් ‘අම්මා කැන්ටින්’ 300 ක් ඇති අතර ඒවායෙන් භාගයක් විතර තියෙන්නෙ චෙන්නායිවලය.

එහි සතියේ දවස් හතේම කෑම ලබාදීම විශේෂත්වයක්.

මේ ව්‍යාපෘතියෙන් මහා ඇමතිනී ජය ලලිතාටත් ප්‍රතිලාභයක් ඇති බවයි එහි වැසියන් පවසන්නේ.

මිනිස්සුන්ගේ කළ ගුණ සැලකීම ඡන්ද බවට පත්වෙලා අවුරුද්දක කාලයකට පස්සේ ජයලලිතාගේ පක්ෂයට පාර්ලිමේන්තු ආසන 39න් 37 ක්ම දිනාගැනීමට හැකි විය.

විමර්ශන වලින් පැහැදිළි වී ඇත්තේ අම්මා කැන්ටින් නිසා ඡන්ද ප්‍රමාණය වැඩිවූ බවය.

එහි ආහාරවල මිළ ගණන් පහත පරිදිය.

  • උදෑසන ආහාරය (උදෑසන 7 සිට 10 දක්වා) – ඉඩ්ලි (රුපියල් 1) පොංගල් බත් (පරිප්පු සහ තුනපහ මිශ්‍ර බත්) -රුපියල් 5 යි
  • දිවා ආහාරය (දවල් 12 සිට සවස 3 දක්වා) -සම්බා බත් (පරිප්පු සහ තුනපහ මිශ්‍ර බතක්) හෝ ලෙමන් බත් හෝ කරපිංචා සමග පිසූ බත් – රුපියල් 5 යි සහ මිදවූ කිරි සහ කරපිංචා සමග පිසූ බත් – රුපියල් 3 යි
  • රාත්‍රී ආහාරය ( සවස 5 සිට සවස 7.30 දක්වා ) – රොටී දෙකක් සමග පරිප්පු -රුපියල් 3 යි.