පරපුරක අනාගතය කොයිබටද?

ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්කි‍්‍රයාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් කි‍්‍රයාවක් ළමා අපයෝජනයකි. ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන කවර හෝ ආකාරයේ ක‍්‍රියාවක් ඊට අයත්ය. නුතනයේ විෂය ක්‍ෂේත‍්‍රයන් ගණනාවක් තුළ ළමයින්ට එරෙහි හිංසනය හා ළමා අපයෝජනය පිළිබඳව වැඩි අවදානයක් යොමු වී ඇත.

ළමයින්ට එරෙහිව අපයෝජන තත්ත්වයන් වත්මන් සමාජය තුළ සන්සන්දනාත්මකව ඉහළ අගයක් ගනු ලබන අතර විශේෂයෙන්ම ළමා අපයෝජනය සුවිශේෂී ගැටළුවක් ලෙස නූතනයේ පිළිගැනෙයි.

ළමයා යන්නෙන් වයස අවු: 18 ට අඩු සෑම මනුෂ්‍යයෙකුම අදහස් වේ. ඒ අනුව ළමයා මවුපිය ආදරය අපේක්ෂා කරන කරුණාව හා දයාව ලැබිය යුතු මාපියන්ගෙන් මෙන්ම සමාජයේ රැකවරණය ආරක්ෂාවට ලක්විය යුතු අය බව පෙනී යන්නකි.

ළමා අපයෝජනයේ විවිධ ස්වරූපයන් හඳුනා ගත හැකි අතර විවිධ වර්ග කිරීම් මගින් නොයෙක් අදහස් ද පෙන්වා දී ඇත. ළමා අපයෝජන ක‍්‍රියාවලිය ඉතා සංකීර්ණ ස්වභාවයක් ගන්නා අතරම එක් එක් අපයෝජන චර්යා රටාවන්ද එකිනෙකින් වෙනස්වන එකිනෙක හා සුවිශේෂී ලක්‍ෂණ සහිත තත්ත්වයක් ද පෙන්නුම් කරනු ලබයි. අපයෝජන තත්ත්වයන්ට ගොදුරුවන දරුවන් එම හේතුව හෝ අවස්ථාව නිසාම වෙනත් අපයෝජන ක‍්‍රියාවකට ගොදුරුවීමට ඉඩකඩ ඇත.

ලෝකයේ සෑම රටකම පාහේ ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන කායික හිංසන කි‍්‍රියාවන් අපරාධ නීතිය හෝ වෙනත් නීති සංග‍්‍රහයන් මගින් වරදක් ලෙස සැළකීම තුළ අපරාධ ගණයට වැටෙයි. ළමයෙකු ශාරීරිකව අපචාරයට ලක්කළ හැකි වන්නේ පහරදීම, නිරාහාරව තැබීම, දම්වැල් වැනි දෙයකින් බැඳීම ආදිය මගිනි.  කායික අපයෝජනයට ‍හෝ හිංසනයට ගොදුරුවන දරුවන් එමගින් විවිධ අහිතකර තත්ත්වයන්ට ලක්වෙති. මේ අතුරින් ප‍්‍රධාන වන්නේ හිංසනය හේතුවෙන් කෙටිකාලීනව හෝ ක්‍ෂණිකව ඇතිවන කායික බලපෑම් ය.

ශාරීරික වශයෙන් තුවාල, තැලීම් ලක්‍ෂණ, පිලිස්සුම් ලකුණු, කැඞීම් හා සීරීම් ලකුණු බොහෝ දුරට පෙන්නුම් කරයි. ශරීරයේ බාහිර හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානිකර ප‍්‍රතිඵල, අස්ථි බිදීයාමේ තත්ත්වයන් හා ශරීරය තුළ අභ්‍යන්තරව සිදුවන ලේ ගැලීම් වලට භාජනයවීම් ආදිය තුළ දරුවන් ළමා සංවර්ධනය ආශ‍්‍රිත ගැටළු වලට, චර්යාත්මක ගැටළු හා අක‍්‍රමතාවන්ටද ලක්වේ. පෞරුෂමය දුර්වලතාවන්, ලැජ්ජාශීලී සමාජයට වෛර කරන පසුබෑමට ලක්වූ දරුවන් බිහිවීම කායික හිංසනයේ ප‍්‍රතිඵලයන්ය .

ළමා අපයෝජන ක‍්‍රියා ශාරීරික අපයෝජනයට සීමා නොවන අතර ශාරීරික වශයෙන් කරන හිංසා වලින් තොරව චෛතසිකව ද අපචාරයට ලක්වේ. රළු වචන භාවිතා කිරීම, බිය ගැන්වීම, තර්ජනය කිරීම, හුදකලා බවට පත්කිරීම වැනි ක‍්‍රියාවලීන් මෙන්ම දරුවන්ට ලැබිය යුතු ආදරය නොලැබීම, නොසලකා හරිනු ලැබීමද මෙයට අයත්වේ. චිත්තවේගී අපචාරයන්, ශාරීරික අපයෝජනයන් මෙන් හඳුනා ගැනීම අපහසු නිසා මේ තත්ත්වයන් සනාථ කිරීම වඩා අපහසුය.

කුඩා දරුවන් ඔවුන්ට ඔරොත්තු නොදෙන රැකියාවන් වල යොදවමින් ළමා ශ‍්‍රමය සූරාකෑම ද දක්නට ලැබෙන අතර වයසින් අඩු දරුවන් කුඩා කාලයේ සිටම විවිධ සේවාවල යෙදවීම වර්තමානයේ දැකිය හැකිය. ළමයින්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වන අනිසි තත්ත්වයන් ලෙස මෙය සඳහන් කළ හැක. මේ අනුන ලෝකයේ බොහෝ රටවල දරුවන් ශ‍්‍රමිකයින් ලෙස යොදවා ගැනීම වරදක් ලෙස නීතියෙන් අර්ත දක්වා තිබේ. 1999 දී ජාත්‍යන්තර කම්කරු සංවිධාන විසින් වඩාත් අහිතකර ළමා ශ‍්‍රම භාවිතය පිළිබඳව 1982 දරණ සම්මුතිය මගින්ද ලෝකයේ පවත්නා වඩාත් අහිතකර ළමා ශ‍්‍රම භාවිතාමය තත්වයන් වැළැක්වීම සඳහා එකඟතාවයක් ඇති කරගෙන ඇත .

ළමයින්ට එරෙහි අපයෝජන තත්ත්වයන් අතුරින් ලිංගික අපයෝජනය බරපතළ ගැටළුවක් ලෙස නුතනයේ පිළිගැනෙයි. වර්තමානය වන විට ලෝකයේ සෑම රටකම පාහේ ළමයින්ට එරෙහි ලිංගික අපයෝජනය අපරාධ හෝ වරදක් ලෙස අර්ත දක්වා තිබීමෙන් එහි ඇති බරපතළ බව තව දුරටත් පැහැදිලිවේ.සරල විග‍්‍රහයේදී ළමා ලිංගික අපයෝජනය ලෙස සැළකෙන්නේ යම් කිසි වැඩිහිටියකු විසින්, පුද්ගලයකු විසින් කිසියම් ලිංගික කි‍්‍රයාවක් සඳහා දරුවකු යොදවා ගැනීමයි. නමුත් වර්තමානය වනවිට ලිංගික අපයෝජනය වඩා සංකිර්ණ ස්වභාවයක් ගන්නා අතර ඊට හේතුවන්නේ නුතනයේ ළමා ලිංගික අපයෝජනය විවිධ ස්වරූපයෙන් යුතුව කි‍්‍රයාත්මක වීමයි.

අනෙකුත් අපරාධ වලට වඩා ළමා අපයෝජනයන් ලෙස ලිංගික අපයෝජනයන්ට සුවිශේෂීතාවයක් හිමිවෙන අතර මෙහිදී අපයෝජකයා හා එයට ගොඳුරුවූ දරුවා අතර පවතින සම්බන්ධතාවය විමසීමේදී පැහැදිලිව දරුවන් අපයෝජනයට ගොදුරු කරනු ලබන්නන් දරුවන් දන්නා හඳුනන පුද්ගලයින් බවයි. මේ අනුව දරුවන් දන්නා පුද්ගලයින් සම්බන්ධව බලපෑම් සිදුකළ හැකි දරුවන්ගේ භාරය හෝ ආරක්‍ෂාව පිළිබඳ වගකීම් ගන්නා පුද්ගලයින් අතින් ළමුන් අපයෝජනයට ලක්වීම ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනේ.අපයෝජන වාර්තා නොවීමට තවත් හේතුවක් වන්නේ ළමා අපයෝජන ක‍්‍රියාවලිය මුහුදේ පාවෙන අයිස්කන්දක ස්වරූපයක් ගැනීමයි . මෙමගින් පෙනීයන්නේ සමාජයේ සිදුවන අපයෝජන සිද්ධීන් අතරින් ඉතා සුළු ප‍්‍රමාණයක් පමණක් නිරාවරණය වීම හෝ වාර්තාවීම සිදුවන බවයි. එය අයිස් කන්දක මතුපිටට පෙනෙන සුළු කොටසක් මෙන් දෘශ්‍යමානව පැවතීමට සමානය.

ළමා පරපුර රටක, කලාපයක, මහද්වීපයක පමණක් නොව මුළු ලෝකයේම පවත්නා වටිනාම සම්පතයි. දරුවන් නිදහස් මනුෂ්‍ය කොටසකි. දරුවන් අපයෝජනයට හා අපචාරයට ලක්වීමේ ප‍්‍රවණතාව අද ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇත. වත්මන් ළමා පැවැත්මට තර්ජනයක් සේ යුද්ධය, ස්වභාවික විපත්, එච්.අයි.වී ආසාදනය, මන්දපෝෂණය කුරිරු ලෙස ශ‍්‍රමය ලබාගැනීම, මිත්‍යා විශ්වාස, ළමුන්ට විරුද්ධව කෲරත්වය, රැකවරණය නොමැතිවීම යනාදිය හඳුනා ගත හැක. ලොව පුරා ළමයින් මිලියන 250ක් රැකියාවල යෙදෙති. මෙයින්ද වැඩි මිලියන ගණනක් රැකියා කරන්නේ ජිවිතයට තර්ජනයක් විය හැකි ඔවුන්ගේ සෞඛ්‍යයට හානිදායක, මුලික අධ්‍යාපනය ඔවුන්ට අහිමිකරන ලිංගික ක‍්‍රියාවලට එක් කරගනු ලැබේ.

බොහෝ රටවලද දරිද්‍රතාවය, ඒඞ්ස්, යුද්ධය, අකුරු නොදත්කම යනාදිය ළමුන් කෙරෙහි අහිතකර ප‍්‍රතිඵල උදාකර දී තිබේ .ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ලෝකයේ සිටින කාන්තාවන්ගෙන් සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙක් බැගින් දුෂණය කිරීම හෝ දුෂණය කිරීමට තැත්කිරීමේ තර්ජනයට මුහුණපා ඇති බවයි. 1999 වර්ෂය තුළදී පර්යේෂණයක් අනුව ඇමරිකාවේ සෑම තප්පර 6 කට වරක්ම එක් ස්ත‍්‍රී දුෂණයක් බැගින් සිදුවන බවද පෙන්වා දී ඇත.

ළමයින්ට එරෙහි හිංසනය අනාදිමත් කාලයක සිට විවිධ ස්වරූපයන්ගෙන් සමාජය තුළ පැවති බව බොහෝ මූලාශ‍්‍ර මගින් සනාථ වී තිබේ. එය බටහිර රටවල මෙන්ම පෙරදිග සමාජයේද පැවති බව ඓතිහාසික මූලාශ‍්‍ර පෙන්වයි. අතීතයේ ළමුන්ට සිදුවන හා සිදු කරන අකටයුතුකම් සම්බන්ධ විශේෂ නීති රීතී හෝ දඩුවම් නොවුනු අතර ළමයෙකුට විරුද්ධව නැගුනු චෝදනාද වැඩිහිටියෙකුගේ තත්ත්වයෙන් විනිශ්චය විය.

3

අනුවාදයකි