ඔස්කා පිස්ටෝරියස් වසර 6 ක් හිරේට

හය වරක් පැරාඔලිම්පික් රන්පදක්කම් දිනූ දකුණු අප්‍රිකානු මලල ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්ට වසර 6ක සිරදඬුවම් හිමිව තිබේ.

2013 වසරේ පෙබරවාරි මසදී ඔහුගේ පෙම්වතිය වූ රීවා ස්ටින්කෑම්ප්ට වෙඩිතබා ඝාතනය කිරීමට අදාළව ‍අද අධිකරණය විසින් මෙම දඬුවම නියම කර ඇති බව විදෙස් පුවත් වාර්තාකරයි.

මීට ප්‍රථම වධහිංසාව යන චෝදනාව යටතේ වසර 5ක සිරදඬුවමක් නියමව සිටියද පසුව 2013 වසරේ දෙසැම්බර් කරන ලද අභියානනයකට අනුව දිගු කාලයක් තිස්සේ නඩුව විභාගයට ගෙන අද දවසේ මෙම තීන්දුව ලබාදී තිබේ.

රීවා ස්ටින්කෑම්ප් නානකාමරයේ සිටියදී සිව් වතාවක් වෙඩිතැබීමෙන් මෙම ඝාතනය සිදුකර තිබුණි.

 

2