ජවිපෙ නව ව්‍යාපාරයක් බිහි කරන්න යයි

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන, ප්‍රගතිශීලි බලවේග වල එකමුතුවෙන් නව ජනතා ව්‍යාපාරයක් බිහි කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඉදිරි මාස 06 ඇතුළත මෙම නව ජනතා ව්‍යාපාරය බිහි කරන බවයි.

ඉදිරියේදී පැවැත්වීමට යෝජිත පළාත් පාලන මැතිවරණයට එම නව ජනතා ව්‍යාපාරය යටතේ තරග කිරීමට සැළසුම් කර ඇති බව මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

1