බ්ලැක්බෙරි ක්ලැසික් ඉවරයි….

BlackBerry Classic ස්මාර්ට් ජංගම දුරකතනය නිෂ්පාදනය නවතා දමන බව බ්ලැක්බෙරි සමාගම නිවේදනය කර සිටී. raised button keyboard එකකින් යුතු මෙම ස්මාර්ට් ජංගම දුරකතනය 2014 වසරේ දී හඳුන්වා දෙනු ලැබූවේ BlackBerry Bold ජංගම දුරකතනයට ආදේශකයක් වශයෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්ලැක්බෙරි හි සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රැල්ෆ් පිනි මෙසේ කියා සිටියේය. “අද වන විට බොහෝ දෙනා නවතම iPhones සහ ඇන්ඩ්‍රොයිඩ් උපාංග කරා යොමු වී තිබෙනවා. මෙවැනි යතුරු පුවරුවක් සහිත ජංගම උපාංගයක් භාවිතය ඉක්මනින් ලියනය කිරීමට කැමති ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් හා දේශපාඥයින් කිහිප දෙනෙකුට පමණක් සීමාවෙලා. අප අපේ ගනුදෙනුකරුවන්ට වඩා හොඳ දෙයක් පිළිගැන්වීමේ අරමුණින් තමයි මෙම පියවර ගනු ලැබුවේ. අද වන විට ඔවුන් කැමති සම්පූර්ණයෙන් ටච් තිරයක් සහිත ජංගම උපාංගවලට. මේ නිසා මින් ඉදිරියට BlackBerry Classic ජංගම දුරකතන නිෂ්පාදනය වන්නේ නැහැ.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙය සමාගම විසින් ගනු ලැබූ ඉතා අසීරු තීරණයක් බවයි.

43