ඡායා කැබිනට්ටුව කවුරු පත්කළාද කියාවත් මම දන්නේ නෑ

ඒකාබද්ධ විපක්ෂය විසින් පත් කළ ඡායා කැබිනට්ටුවේ අමාත්‍යවරයෙකු  ලෙස තමා නම් කිරීම පිළිබඳව කිසිදු දැනුවත් භාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් පත් කළ ඡායා කැබිනට්ටුවේ  අමාත්‍ය මණ්ඩලය ඊයේ දිනයේ මාධ්‍ය වෙත අනාවරණය කෙරුණු අතර එහි නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා නම් කර තිබුණි.

කෙසේ වෙතත් ඡායා කැබිනට්ටුව පිළිබඳව හෝ තමා එහි අමාත්‍යවරයෙකු ලෙස නම් කිරීම පිළිබඳව තමන් දැනුවත් වූයේ මාධ්‍ය ඔස්සේ පමණක් බව ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

එමෙන්ම ඡායා කැබිනට්ටුව කවුරුන් විසින් පත් කළේද යන්න පිළිබදව ද තමා කිසිවක් නොදන්නා බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව තමා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව ලොහාන් රත්වත්තේ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් පොදු විපක්ෂයේ ආණ්ඩු විරෝධි වැඩපිළිවෙළ සමග තමන් අඛණ්ඩව රැදී සිටින බවද අද දෙරණට අදහස් දක්මින් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

5