නීෂා බිස්වාල් ශ්‍රී ලංකාවට !

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය මේ සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.

ඇය සමග දකුණු ආසියාව භාර නියෝජ්‍ය සහකාර ලේකම් මන්ප්‍රිට් සිං මහතා ද දිවයිනට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

මෙරටට පැමිණීමට පෙර ඔවුන් බංග්ලාදේශයේ සංචාරයක නිරත වේ.

අමෙරිකානු සහකාර ලේකම්වරිය ඇතුළු පිරිස මෙරට සංචාරය තුළදී රජයේ නියෝජිතයින් දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම දෙරට අතර ආර්ථික සහයෝගිතාව ප්‍රජාතන්තවාදී පාලනය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

s