රාජ්‍ය පාලන කළමනාකරණයට විදේශයන්ට ඉඩ නෑ

කිසිඳු අවස්ථාවක විදේශයන්ට අවශ්‍ය පරිදි මෙරට රාජ්‍ය පාලනය කළමනාකරණය කිරීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිතිවරයා සඳහන් කළේ, තම ධුර කාලය තුළ කිසිවිටකත් එවැන්නකට ඉඩ නොතබන බව ය.

අද පස්වරුවේ පේරාදෙණියේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩි දුරට ත් අදහස් පළ කළ ජනාධිපතිවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මෙරට අධිකරණයට විදේශිය විනිසුරුවරුන් ලවා නඩු විභාග කිරිමට ඉඩක් නොමැති බව ය.

එසේ හෙයින් එවැනි ව්‍යවස්ථාව සංශෝධනයකට තමන් එකඟ නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම් සභාව යුධ අධිකරණයක් සම්බන්ධයෙන් කොතැනකදී හෝ ප්‍රකාශ කර නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

g