ඉන්දියාවේත් මුස්ලිම් අන්තවාදීන් හිස ඔසවයි ?

අයි.එස් ත්‍රස්තවාදීන් ඉන්දියාව තුළ සිය ක්‍රියාකාරකම් සිදුකරන්නේදැයි එරට ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊට ආසන්නතම හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කේරළයේ මුස්ලිම් ජාතිකයින් 9 දෙනෙකු එම සංවිධානය සමග එක්ව ඇති බවට පළවූ තොරතුරක් අනූව පරීක්ෂණ ඇරඹීමත් සමගය.

කේරළයේ මුස්ලිම් සංවිධාන බහුතරයක් අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා දැඩිලෙස හෙළාදැක ඇති අතර මෙවන් තත්ත්වයක් යටතේ අයි.එස් ත්‍රස්තයින් කේරළය තුළ ක්‍රියාත්මකවීමේ හැකියාවක් තිබේදැයි පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමුව තිබේ.

එසේම පසුගිය කාලයේදී ශ්‍රී ලාංකාවේ පුද්ගලයින් දෙදෙනෙකු ද අයි.එස් සංවිධානයට බැඳී ඇති බවට තොරතුරු වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයද විමර්ශණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

ඒ අනූව අයි.එස් ත්‍රස්තයින්ගේ සබඳතා ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව තුළ ද ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂණ කණ්ඩායම්වල දැඩි අවධානය යොමුව ඇතැයි එකී වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

x