නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නෙවෙයි

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම කිසිසේත් දේශපාලන පළිගැනීමක් නොවන  බව වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

එවැනි කටයුතු සිදුවන්නේ අදාළ තැන්වලින් පරීක්ෂණ කර තොරතුරු සොයාගැනීමෙන් පසුව බවද ඒ සඳහා රජයේ මැදිහත්වීමක් නොමැති බවද හෙතෙම කියයි.

අත්අඩංගුවට ගන්නා බොහෝදෙනා අධිකරණයෙන් නිදහස් කරන බවට ආණ්ඩුවට චෝදනාවක් ඇතැයිද අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වාදුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට අධිකරණ පද්ධතිය ස්වාධීන කිරීමට රජයට හැකි වී ඇති බවයි.

y