සාලාවේ පීඩිතයින් ගැන මීට වඩා බලන්න

ආයතන සංග්‍රහයේ නීති රීති පසෙක තබමින් කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවු පිපුරුමෙන් පීඩාවිඳින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කර ඇත.

කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපුරුම සිදුවී දැනට මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් එම ප්‍රදේශයේ ජනතාව මේ දක්වාත් බලාපොරොත්තු සුන් වු පිරිසක් ලෙස ජීවත් වන බව කාදිනල් හිමිපාණන් සඳහන් කර තිබේ.

නිවාස හා ව්‍යාපාරික ස්ථාන කඩිනමින් සාදා දෙන බවට පොරොන්දු වුව ද ප්‍රාදේශීය, පළාත් හා රජයේ නිලධාරීන් අනුගමනය කළ යුතු ආයතන සංග්‍රහයේ ක්‍රමවේදයන් තුළ එම පොරොන්දු සිරවී ඇති බව ද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

එම නිසා මෙම ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් ලබාදෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් අදාළ අමාත්‍යවරුන්ගෙන් හා නිලධාරීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කාදිනල් හිමිපාණන් කියයි.

එමෙන්ම එම ජනතාව සමග ඉහළ මට්ටමේ නායකයන් සාකච්ඡා කිරීම වඩාත් සුදුසු බව ද කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

hy