ආරක්ෂාව තහවුරු නම් ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් වෙනවා

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බ‍්‍රහස්පතින්දා(22) දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කරන බව එම සංවිධානය පවසයි.
අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංවිධානයේ නියෝජිතයින් මේ බව කියා සිටියේය.
ඥානසාර හිමියන්ට අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම හෙට(21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිත බවත් එම අවස්ථාවේ දී ආරක්ෂාව තහවුරු වුවහොත් තම සංවිධානය මෙලෙස ඥානාසාර හිමියන් අධිකරණයට වැඩම කරලීමට තීරණය ගෙන ඇති බවයි.
මාධ්‍ය හමුව සඳහා සිහල රාවයේ සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් ද සහභාගී වි සිටියේය.