ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියට අතවර කළ බංග්ලාදේශ ජාතිකයාට සිදු වූ දේ

ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියක් බංග්ලාදේශයේදී අතවරයට පත් වූවා යැයි පුවතක් පල උනා.

එම තරුණියට අතවර කළ පුද්ගලයා බංග්ලාදේශ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බංග්ලාදේශයේ චිතගොන් නුවර වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවට අතවර කර ඇත්තේ 26 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙකු විසිනි. සැකකරු බංග්ලාදේශයේ වෙළෙඳ විධායකයකු ලෙස රැකියාව කරන අතර පසුගිය ඉරිදා රාත්‍රියේ හෝටලයක්‌ තුළදී සැකකරු තමා අතවරයට ලක් කල බව කියමින් අදාල තරුණිය බංග්ලාදේශ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

බංග්ලාදේශ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි