“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මතකරගන්න ඕන“ – වික්‍රමබාහු

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නොදෙන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි. ඒ සදාහා අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පතේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමට යෝජනා කර නොමැති බවද ඔහු කියා සිටී.

පුරවැසි බලය සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් රට තුළ කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සහා කරන්නේ එම ව්‍යවස්ථාව සම්මත කරගැනීම වැළැක්වීම සදහා යැයිද ඔහු එහිදී කියා සිටියේය.