එළවළු තෙල් දාපු කෑම කන්නෙ බලාගෙනයි

බොහෝ ගෘහනියන් කෑම පිළියෙල කරගනිද්දි එළවළු තෙල් යොදා ගැනීමට පුරුදු වී සිටිනවා. එසේම මහා පරිමාණයෙන් ආහාර පිළියෙල කිරීමේදීද වැඩි වශයෙන් එළවළු තෙල් යොදා ගන්නවා. ඒ නිසාම එළවළු තෙල් ගැන ඔබ දැනගත යුතු කරුණු කාරනා කිහිපයක් අද අපි ඔබට කියන්නට තීරණය කලා.

එළවළු අපේ පෝෂණය ගුණය වැඩි කරන්නට විශාල දායකත්වයක් ලබා දෙනවා. එම නිසා එළවළු තෙල් වලද එම පෝෂණය ගුණය තිබෙන බවට බොහෝදෙනා විශ්වාස කරනවා.මේ හේතුව නිසාම වර්තමානයේ බොහෝ පිරිසකට බෝනොවන රෝග වැලඳීමේ අවධානමක් තියෙනවා.

සෝයා බෝංචි, සූරිය කාන්ත, කපු, කටුපොල් වැනි ඇට වර්ගවලින් නිෂ්පාදනය කරන එළවළු තෙල් නිෂ්පාදනයේදී එයට විෂ සහිත දේවල්ද එක් වෙනවා. මේ ඇටවලින් තෙල් පෙරාගැනීමේ තාක්ෂණය හා එහිදී භාවිත කෙරෙන රසායනික වර්ග නිසා ඇටවල අන්තර්ගත ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථ ඉවත් එහි  රොඩු පමණක් ඉතිරි වී එය ඉතා පහසුවෙන් ඔක්සිකරණයට ලක් වෙනවා.  පහසුවෙන් ඔක්සිකරණය වීමේ මෙම ක්‍රියාවලිය නිසා  තෙල් සිරුරේදී පිළිකාකාරක ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාවද ඉහල මට්ටමක පවතිනවා.
එසේම ඇතැම් එළවළු තෙල් වර්ග හයිඩ්‍රජනීකරණයෙන් නිෂ්පාදනය කරනවා.  මේ හේතුවෙන් තෙල්වල ඇති මේද අම්ල, සිරුරට හානිකර අන්තර් මේද අම්ල බවට පත් වෙනවා.
එළවළු තෙල් භාවිතය නිසා සිදු වන තවත් හානිකර තත්ත්වයන් විදියට රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ මට්ටම ඉහළ යෑම හා ඉන්සියුලින් ප්‍රතිචාරය අඩුවීම පෙන්වා දෙන්න පුළුවන්. දියවැඩියාව, හෘදරෝග සහ පිළිකා රෝග සමඟ එළවළු තෙල් ලොකු සම්බන්ධතාවයක් පවත්න බව පර්යේෂණ රාශියකින්ම අනාවරණය වී තිබෙනවා.
මේ දේවල් දිහා බලලා එළවලු තෙල් ආහාරයට ගන්නවද නැද්ද කියන එක ඔබටම තීරණය කරන්න පුළුවන්.