නිවස වැළලී මියගිය දැරිය යළි ඉපදී සොහොයුරා හඳුනාගනී

සුභාෂිණී දැරිය සිංහපිටියට ගියදා…

 

 

නායයෑමට ලක්වූ සිංහපිටිය වත්ත ගල් සහිතව පිහිටා තිබිණ. ධාරානිපාත වර්ෂාව දින ගණනක් පැවත්විණි. එදා උදේ සිට නොකඩවා පැවති ධාරානිපාත වර්ෂාව නිසා කන්ද නායගියේය. එය සිදුවන විට වේලාව රාත්‍රි 7.30ත් 8.00ත් අතර බැව් දක්නට ලැබිණ. ඒ වන විට වත්තේ වැඩ කළ සියලු කම්කරු පිරිස නි​ෙවස් තුළ සිටියහ. නායයෑම නිසා ඔවුන් සියලු දෙනාම කන්දට යට විය. පෙර භවය හෙළිකළ දැරිය අනාවරණය කළ ‘වාසිනී’ නම් නමක් පිළිබඳව ද මෙම පර්යේෂණයේදී අවධානය යොමු කැරිණි. එහිදී තහවුරු වූ අතිශය වැදගත් කරුණක් ඇත. මියගිය දේවි මල්ලිකා දැරියගේ බාල නැගණියට නිවසේ දී භාවිත කර තිබූ නම ‘වූයේ ‘වසන්ති’ යනුවෙනි. සුභාෂිණී එය උච්චාරණය කරනු ලැබුවේ ‘වාසිනී’ යනුවෙන් ලෙස බැව් පිළිගැනීමට සිදුවිය.  

 

එදා සිංහපිටිය වත්ත නාය යෑමේ පුවත මුළු රටම කම්පා කළ සිදුවීමක් විය. රාත්‍රි 7.30 පමණ කන්ද නායයෑම නිසා එහි සිටි පවුල් රැසක නිවාස මුළුමනින්ම පොළොවට වැළලී ගියේ විනාඩි කීපයක් තුළදීය. එම නිවාසවල පදිංචිව සිටි කීපදෙනෙක් ඒ අවස්ථාවේ නිවසේ නොසිටීම නිසා ඔවුන්ගේ ජීවිත බේරුණේය. එම අනතුරෙන් මියගිය වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතිකයෝ වූ අතර එහි පදිංචිව සිටියේ සිංහල පවුල් කීපයක් පමණි. පවුලම යටවූ සිංහල නිවසේ සිටි එක් තරුණයකුගේ දිවි බේරුණේ ඔහු කඳු නායයෑමට මොහොතකට පෙර නිවසින් පිටවී ගිය නිසාය.

මෙම අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව බලවත් දුකට පත්ව සිටි පිරිස අතර පවුලේ සියලු දෙනා යටවී ඉතිරි වූ එම තරුණයා අතිශය කම්පාවට පත්ව සිටියේය. වසර එකහමාරක් පමණ ගත විය. ප්‍රදේශවාසීන්ගේ මතකයද තරමක් ඈත් වෙමින් තිබිණි. කුලියාපිටියේ පදිංචිව සිටි ගුරු යුවලකට පස්වන දරුවා බිහිවිය. එම දරුවාට සුභාෂිණි යනුවෙන් නම් තැබිණි. 1980 ජනවාරි මාසයේදී ඇගේ උපත සිදුවිය.


මාස කීපයක් ගතවිය. සිය දියණිය වැසි සහිත දිනවලදී අධික ලෙස බියපත්වන බවක් මවට දක්නට ලැබිණ. අන් දරුවන්ට වඩා ඇය තුළින් දක්නට ලැබෙන මෙම හැසිරීම් රටාව පිළිබඳව මව තරමක් කල්පනා කාරී වූවාය.

මේ දරුවා වැසි දිනවලදී මේ තරම් බය වන්නේ ඇයි? මව නිතර නිතර පියා සමග කියන්නට වූවාය. ඇය අධික ලෙස බියපත් වී හඬන්නට වීම මවගේ දැඩි අවධානයට යොමු වී තිබිණි. වැසි දිනවලදී ඇයව නිවසින් පිටතට ගැනීමද අතිශය දුෂ්කර කාර්යයක් විය. එවැනි දිනවලදී මවගේ ගෙලේ එල්ලී සිටීම එම දැරියගේ සිරිත විය. මේ අයුරින් වසර දෙකහමාරක් පමණ ගත විය.

කතා කිරීම ආරම්භ වීමත් සමග ඇය ඇතැම් දිනවල තනිවම කතා කිරීමට උත්සාහ ගන්නා බවක් මවට දැනුණි. ඒ සමගම ඇය තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් වූයේ අන් දරුවන්ට වඩා ඇය අධික වර්ෂා දිනවලදී නොනවත්වා හැඬීමය. මවගේ ගෙල බදාගෙන බැගෑපත්ව හැඬීම නතර කිරීම අපහසු විය. එවැනි බියපත් වූ දිනෙක මව තම සිඟිති දියණියගෙන් ඒ පිළිබඳව විමසීමක් කළාය.

‘‘ඔයා ඇයි වැස්සට බය?’’ යයි මවගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් දැරිය මොහොතක් කල්පනාවේ යෙදී සිට පිළිතුරු දුන්නාය.
‘‘එදා අම්මා කුස්සියේ බත් උයමින් සිටියා. අයියා ගෙදර ඇවිත් ක​ඩේට යනව කියලා ගියා. ‘‘එදත් හරි වැස්ස’’ අම්මා කිව්වා කන්ද එනවද බලන්න කියලා. මම ටෝච් එකත් අරගෙන එළියට ආවා. ‘‘ගුඩු ගුඩු’’ ගාලා කන්ද ආවා. අපි ඔක්කොම තදවුණා’’ සිඟිති දියණියගේ මෙම කතාව මවට අදහාගන්නට බැරි විය. ඇය ඒ බැව් පියා සමග හෙළි කළාය.

තවත් දින කීපයක් ගත විය. පෙර සිටි නිවස පිහිටා තිබුණේ සිංහපිටියේ බැව්ද ඇය හෙළි කළාය. පෙර භවයේදී ඇයට වැඩිමහල් සොහොයුරකු සහ වැඩි මහල් සොහොයුරියක් සිටි බවත් ‘වාසිනි’ නමින් නැගණියක් සිටි බවත් ඇය හෙළි කළාය. පදිංචිව සිටි වත්තේ තේ දළු කැඩීමට මව සහ පියා යන බවද ඇය හෙළි කළේ,

‘‘එහෙ තේ වත්තෙ තේ කඩනවා’’ යනුවෙනි. මේ වන විට දියණිය කිසියම් නායයෑමක් පිළිබඳව හෙළි කරන බැව් මාපියන්ට දක්නට ලැබිණි. ඇය හෙළි කරන තොරතුරු විමසා බැලීමට පියා තීරණය කළේය. එහෙත් සිංහපිටිය ප්‍රදේශයේ නායයෑමක් ගැන ඔහු අසා නොතිබිණි.


දියණියට වයස අවුරුදු තුනහමාරක් පමණ විය. මාපියන්ට ගම්පොළ ප්‍රදේශයේ මංගල උත්සවයකට යාමට සිදුවිය. දියණියද කැටුව ගිය පියා එහිදී හමු වූ ඥාතිවරයකුට දියණිය හෙළි කරන තොරතුරු අනාවරණය කළේය. වසර කීපයකට උඩදී සිංහපිටිය වත්තක් නාය යෑමක් සිදුවූ බැව් ඔහු කීය. දැරියගේ පියා ඇයද කැටුව එම ප්‍රදේශයට යෑමට මහ මගට පැමිණියේය. එම ප්‍රදේශය දුටු විගස සුභාෂිණි දැරිය මහත් බියට පත් වූවාය. ‘‘අනේ මට බයයි, මට බයයි මාව හිරවෙයි’’ යනුවෙන් පවසන්නට වූවාය. එදින තවදුරටත් එහි යාමට නොහැකි විය. දියණිය සමග පියා ආපසු නිවසට පැමිණියේය. එම සිදුවීමෙන් සති කීපයකට පසු මෙම පුනර්භව සාධකය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබිණි.

දැරිය හෙළි කරන පෙර භව තොරතුරු පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන්ගේ උපදෙස් පරිදි පෙරභව නිවසට ඇය කැඳවාගෙන යාමට ඇගේ මාපියෝ කැමැත්ත පළ කළහ. ඒ අනුව සුභාෂිණී දැරියට පෙරභව නිවස පිහිටා තිබූ පරිසරයට යාමට අවස්ථාව ලැබිණි. එදින ඇය නායගිය ප්‍රදේශය වෙත ගමන් කරන විට බියපත් වීමක් නොදැක්වීය. එහිදී ඇගේ පෙරභවයේ ඉතිරිව සිටි සො​ෙහායුරා හඳුනා ගැනීමට ඇයට හැකි විය.

මෙම දැරියගේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත් වීය. පෙරභවයේ නිවස යටවීමෙන් මියගොස් සිටි එකම පවුලේ මව, පියා ඇතුළු දරුවන් අතර දියණියන් දෙදෙනෙක්ද මරුමුවට පත්වී සිරුරු හමුවිය. එයින් එක් දැරියක් වයස අවුරුදු හතක් පමණ විය. අවුරුදු එක හමාරක කුඩා දැරියක් ද ඒ අතර විය. ඇයට ​ෙද්වි මල්ලිකා යනුවෙන් නම් තබා තිබිණි. ඇය පවුලේ පස්වන දියණිය වූවාය.

නායයෑමට ලක්වූ සිංහපිටිය වත්ත ගල් සහිතව පිහිටා තිබිණ. ධාරානිපාත වර්ෂාව දින ගණනක් පැවත්විණි. එදා උදේ සිට නොකඩවා පැවති ධාරානිපාත වර්ෂාව නිසා කන්ද නායගියේය. එය සිදුවන විට වේලාව රාත්‍රි 7.30ත් 8.00ත් අතර බැව් දක්නට ලැබිණ. ඒ වන විට වත්තේ වැඩ කළ සියලු කම්කරු පිරිස නි​ෙවස් තුළ සිටියහ. නායයෑම නිසා ඔවුන් සියලු දෙනාම කන්දට යට විය. පෙර භවය හෙළිකළ දැරිය අනාවරණය කළ ‘වාසිනී’ නම් නමක් පිළිබඳව ද මෙම පර්​ෙය්ෂණයේදී අවධානය යොමු කැරිණි. එහිදී තහවුරු වූ අතිශය වැදගත් කරුණක් ඇත. මියගිය දේවි මල්ලිකා දැරියගේ බාල නැගණියට නිවසේ දී භාවිත කර තිබූ නම වූයේ ‘වසන්ති’ යනුවෙනි. සුභාෂිණී එය උච්චාරණය කරනු ලැබුවේ ‘වාසිනී’ යනුවෙන් ලෙස බැව් පිළිගැනීමට සිදුවිය.

පුනර්භව පර්​ෙ‌ය්ෂණවලදී ලිඛිත සටහන් සහිතව සිදු කළ සනාථ කිරීම් යනුවෙන් සුභාෂිණීගේ කතා පුවත පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර ඇත්තේ (CASES OF THE REINCARNATION TYPE IN SRILANKA WITH WRITTEN RECORDS MADE BEFORE VERIFICATIONS යනුවෙනි.

පෙරභව තොරතුරු අනාවරණය වූ අන්දම පිළිබඳව ද මෙම පර්යේෂණයේදී අවදානය යොමු විය. ඇය පෙරභවය හෙළි කරන විට පදිංචිව සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේය. කඳු සහිත ප්‍රදේශයක් පිළිබඳ ඇයට කිසිදු අවබෝධයක් ඒ වන විට නොතිබිණි. කඳු නායයාමක් හෝ පස් කඳු කඩා වැටීමක් පිළිබඳ හෝ ඇයට ඒ වන විට ශ්‍රවණය වීමක් සිදුවී නොතිබිණි. ඇගේ පියා හෝ සිංහපිටිය කඳු නායයෑම දියණියගෙන් හෙළි කරන තුරුත් නොදැන සිටි බැව් පැහැදිලි විය.

දේවි මල්ලිකා පදිංචිව සිටි වත්තේ පදිංචිකරුවන් රාත්‍රි කාලයේදී විදුලි පන්දම් භාවිත කිරීමද සාමාන්‍ය සිරිතය. සුභාෂිණි ප්‍රකාශ කළේ එදා කන්ද එනවද යන්න බැලීමට (ටෝච්) විදුලි පන්දම රැගෙන නිවසින් පිටට පැමිණි බවකි. කන්ද කඩා වැටීමත් සමග ඇය කුලියාපිටියේ නිවසට පැමිණි බවක්ද ඇය ප්‍රකාශ කළාය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවේද එම කරුණ පැහැදිලිව දක්වා ඇත. එහි සඳහන් කොටසක් මෙසේය.

 

දේවි මල්ලිකාගේ පවුලේ අයගේ මළ සිරුරු තිබූ අයුරු

 

SHE SAID THAT WHEN THE HILL BEGAN FALLING IT MADE A SOUND LIKE ”GWDW GWDW” HER MOTHER SHE SAID CALLED HER AND ASKED HER TO TAKE A TORCH (FLAHLIGHT) AND GO OWT TO SEE WHETHER THE HILL WAS COMING DOWN ON THE HOUSE SHE SAID THAT THEN SHE WAS “TRAPPED” AND CAME TO HER PRESENI FAMILY WITH THE TORCH” යනුවෙන් සඳහන් කර ඇත.

​ෙද්වි මල්ලිකාගේ වැඩිමහල් සොහොයුරා ප්‍රකාශ කළ පරිදි එදා නිවස නාය ගිය දිනයේ ඔහු නිවසේ සිට විනාඩි කීපයකට කලින් කඩ මණ්ඩියට යෑම සඳහා නිවසින් පිටවී ඇත. ඒ නිසා ඔහුගේ ජීවිතය ගැලවිණි.

පෙර භවය හෙළි කළ දැරිය ඇගේ සොහොයුරා නිවසේ සිට එදින පිටතට ගිය බැව් පැහැදිලිව ප්‍රකාශ කිරීමද මෙම දැරියගේ කතා පුවතේ සත්‍යය තහවුරු වූ ප්‍රබල සාක්කියකි. දැරියගේ උපත සහ පෙර භවයේ මරණය සිදුවූ ප්‍රදේශ ​ෙදක අතර දුර ප්‍රමාණය කිලෝ මීටර් සියයකට ආසන්නය. මරණ සිදුවී හරියටම වසර දෙකකුත් මාස තුනක් ගතවීමෙන් පසු උපත සිදුවී ඇති බැව්ද මෙම පුනර්භව සාධකය අනුව දක්නට ලැබේ.

තිස්ස ජයවර්ධන