අපේ අම්මා මාව සත පහකට ගණන් ගන්නේ නෑ – සුජීව සේනසිංහ


තමා ඇමතිවරයෙකු වූවා යැයි කියා පවුලේ කිසිවෙකුත් විශේෂ සැළකිල්ලක් නොදක්වන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.

අතුරුගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සුජීව සේනසිංහ,

“මගේ බල්ලෙක්වත් දේශපාලනයට ගැවිලා නෑ. අපේ අයියලා සත පහකටවත් මාව ගණන් ගන්නේ නෑ. අපේ අම්මා මාව සතපහකට ගණන් ගන්නේ නෑ. ඇමති කියලා සතපහක සැලකිල්ලක් නෑ. ගෙදර හිටියොත් කන්න දුන්නා නැත්නම් නෑ. අම්මා හැමවෙලේම අනාත මඩමේ.

අපිට ඔළුව ඉදිමෙන්නේ නෑ දේශපාලනය කරනවා කියලා. මම තනියම වාහනය ගෙනියන්නේ හැන්දෑවේ පහෙන් පස්සේ. අපිට ආරක්ෂක බටයෝ අවශ්‍ය නෑ. බොරු පන්පෝරී අවශ්‍ය නෑ. ආරක්ෂක බටයෝ 12ක් මට නියමවෙලා ඉන්නවා.

මට ඉස්සරහයෙන් අරං යන්න පුළුවන් කැබ් එකක්. පිටිපස්සෙන් ඩිෆෙන්ඩරයක් අරං යන්න පුළුන්. ගෙදර තියෙනවා ඩිෆෙඩර් හතරක් පහක්. අයියාට ඩිෆෙන්ඩර් 03ක් තියෙනවා. මම ගාව ඩිෆෙන්ඩර් 02ක් තියෙනවා. ඉතින් අපිට එහෙම පිස්සුවක් නෑ. ඔළුවේ අමාරුවක් නෑ. 

අපි කියන්නේ පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂිකයින්ට සජිත් ප්‍රේමදාස මහත්තයා ඉතාමත් ගුණගරුක, පන්සිල් පද පහම රකින නායකයෙක්.“