සුජීව සේනසිංහලා,සරත් ෆොන්සේකලා හොඳ චන්ඩි .70,80 කාලය මතක් කර ගන්න – ඇමති සුජීව කියයි (වීඩියෝව)


බැඳුම්කර වංචාවත් සමග කතා බහට ලක්වූ ප්‍රධාන චරිතයක් ලෙස සුජීව සේනසිංහ අමාත්‍යවරයා සදහන් කල හැකිය.බැඳුම්කර වංචාවක් මහ බැංකුවේ සිදු නොවූ බවට පොතක් පවා රචනා කල සුජීව සේනසිංහ මහතා ඒ කරුණු නිසාම සමාජයේ දැඩි දෝෂාරෝපණයට ලක් විය.විශේෂයෙන්ම අදාළ වංචාව වසන් කිරීමට හෙතෙම දැඩි උත්සාහයක නිරත වූ බවද මෙහිලා සඳහන් කල යුතුමය.

පළාත් පාලන මැතිවරණය ආසන්නයටම පැමිණෙමින් තිබියදී දේශපාලන වේදිකාවේ මේ දින වල විවිද කතා අසන්නට ලැබේ.ඒ අතර ඉහත කී සුජීව සේනසිංහ අමාත්‍යවරයාද මේ දින වල දැඩි කෝපාවිෂ්ඨ ස්වභාවයකින් කටයුතු කරන බවක් පෙනී යයි.එය තහවුරු කරමින් පසුගියදා පැවති ජන හමුවකදී ඔහු උච්ච ස්වරයෙන් එකසත් ජාතික පක්ෂයේ චන්ඩි සිටින බවත්,තවම එම චන්ඩිකම් ආරම්භ නොකර බවත් සදහන් කරන ලදී.

එසේම ඕනෑම ගේමකට තම පක්ෂය සුදානම් බවත් 70,80 සමයේ මතකය යළි ආවර්ජනය කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.එසේම සුජීව සෙනසින්හලා,සරත් ෆොන්සේකලා හොඳ චන්ඩි බවත් ජනතාවට මතක් කල එතුමා කතාව අවසන් කරන ලදී.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සිටින පිරිසිදු දේශපාලනය කරන වැදගත් මැති ඇමතිවරුන් මෙවැනි ප්‍රකාශ තරයේ හෙලා දකිනු ලැබූ බව පක්ෂ අභන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටි.

අදාළ වීඩියෝව

සුජීව සේනසිංහලා,සරත් ෆොන්සේකලා හොඳ චන්ඩි

සුජීව සේනසිංහලා,සරත් ෆොන්සේකලා හොඳ චන්ඩි .70,80 කාලය මතක් කර ගන්න – ඇමති සුජීව කියයි

Posted by CJ videos on Tuesday, November 5, 2019