ඇමරිකන් වීසා වාසිය වෙනුවෙන් සජින් වාස් ගහපු ගේම් චක බ්ලාස් !!!


වියාපාරයක් ලෙස දේශපාලණය කරන සජින් වාස් ගුණවර්ධණ මේ දිනවල ජනතාව ඉදිරියට පැමිණ උදේ සිට සවස් වන තුරු කරන්නේ රාජපක්ෂවරුන් පිළිබදව කුමක් හෝ අවලාදයක් බොරුවක් පැවසීමය.

සිය දරුවන් මත සපථ කරමින් සජින් වාස් ගුණවර්ධන මහතා පවසන කතා පිළිබදව බොහෝ දෙනා තුල කණගාටුවක් මතු වන්නේ ඔහු කියන බොරු දේශපාලණ ලෝකයේ බොහෝ දෙනා හොදින්ම දන්නා නිසාය.

රාජපක්ෂවරුන් එල් ටී ටී යට මුදල් දීම , මහා පරිමාණයේ මුදල් ගබඩාවල් රාජපක්ෂවරුන් සතු බව , රාජපක්ෂ වරුන්ගේ මහා පරිමාණයේ මුදල් ගබඩා කර ඇති තැන් දන්නා බව සජින් වාස් පවසන්නේ කිසිදු සාක්ෂියක් නොමැතිවයි. මේ වගේම බොරු කතා කාරයන් 2015 ජනපතිවරණ කාල සීමාවේද බිහිවිය.ඔවුන් පවසා සිටියේ නාමල් රාජපක්ෂට ලැම්බෝගිණි , රත්තරන් අශ්වයින් , විදේශ රටවල ඩොලර් බිලියන ගණන් මුදල් සංචිත ඇති බවයි.

මේ සියල්ල ගල් පැලෙන බොරු බව අද ජනතාව දැන ගෙන ඇත. බොරුවෙන් ජනතාව මුලාකර බලය ලබා ගත් පිරිස තව පාරක් බොරුවෙන් ජය ලබා ගන්න කටයුතු කරමින් සිටියි. ඒ අලුත් බොරු ටිකක් හදා ගෙනයි.

මේ අලුත් බොරුකාරයා සජින් වාස් ගුණවර්ධණට ඇමරිකන් වීසා ඇවැසිව ඇත. ඔහු 2017 වසරේ ඇමරිකන් වීසා අයදුම් කර ඇති අතර එම වීසා අයැදුම්පත ප්‍රතික්ෂේප වී ඇත. සජින්වාස් ගුණවර්ධණ FCID ‍යට කැදවීමෙන් පසු ඔහු සිදුකල දුෂණ වංචා වලින් ගැලවීමට ක්‍රමයක් සලසා දී ඇත.එනම් කුමන හෝ බොරුවක් ගොතා රාජපක්ෂවරයෙක් අත් අඩංගුවට පත් කල යුතුයි. එවිට සජින් වාස්ට එල්ල වුනු චෝදනා වලින් ගැලවිය හැකියි.

සජින් වාස් ගුණවර්ධණ දැන් කටයුතු කරන්නේ මේ දේශපාලණ ඩීල් එකට අනුවය.දේශපාලණ තර්ජ්න සිය ජීවිතයට එල්ලවී ඇති බව පවසමින් සජින් වාස් ගුණවර්ධණ වීසා අයදුමක් ඉදිරිපත් කර ඇත. එය 2019.01. 14 වන දින ඉදිරිපත් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කල මොහොතේ සජින් වාස් ගුණවර්ධන සිය බිරිද සමග මහින්ද රාජපක්ෂ හමු වීමට පැමිණ ඔහුගේ දෙපාමුල වැදවැටී සුබ පැතුම් එක් කල අයෙකි.

සජින්වාස් බොරු කියමින් මේ දගලන්නේ ඇමරිකන් වීසා වාසිය වෙනුවෙන් බව මේ වන විට බොහෝ දෙනා දැන ගෙන ඇත .

ඉතින් සජින්වාස්

වීසා වාසිය වෙනුවෙන් ගහපු ගේම් චක බ්ලාස් !!!

නිව් යෝක් නුවරදී සජින් වාස් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ට අයුතු ලෙස පහරදීම
සිංගප්පුරු සමාගමකට ලභ ලබාදීමේ අරමුණින් රජයට මිලියන 883 පාඩු කිරීම හේතුවෙන් කොළඹ මහාධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක කර ඇත

අම්බලන්ගොඩ තෙල් හලකට කෝටි 17 පොල්ලක් තබා ඇත

ගුවන් යානා පුහුණු පාසලේ ළමයින්ගෙන් සල්ලි අරන් දැන් ඔවුන් බලපත්‍රත් නැතිව සල්ලිත් නැතිව අසරණ වෙලා.

අම්මා තාත්තාගේ දරුවන්ගෙන් ලක්ෂ 13 හමාර ගානේ සල්ලි අරන් තියෙනවා ප්‍රයිවට් ෆයිලට් ලයිසන් දෙනවා කියලා. එතන බරපතළ වංචාවක් කරලා

ඔහු විසින් මෙම ව්‍යාපාරයන් සතු ගිණුම් තුළ රුපියල් 458,747,757.70 ක මුදලක් තැන්පත් කොට ඇත. මෙම තැන්පතු සියල්ල හා ඔහුගේ බිරිඳගේ අදායම (ඔහු විසින් නීති විරෝධිව මෙම ව්‍යාපාරයන්ගෙන් ලබා ගන්නා ලද මුදල් ප්‍රමාණයද ඇතුළුව)

කොස්මෝස් සමාගමට රුපියල් මිලියන 104ක් යෙදවීම හා පුද්ගලයෙකුට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට




මිහින් ලංකා දුෂණ සජින් ද වාස්ට නඩු පවරයි https://sinhala.srilankamirror.com/news/8812-mihin-lanka

ජවිපෙන් සජින් වාස් ගැන අල්ලස් පැමිණිලි http://www.lankadeepa.lk/latest_news/%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92/1-290991

කෝටි ගණන් සල්ලි හම්බ කළ සජින් වාස් ගැන රජය නිහඬ ඇයි?

සජින් වාස්ට එරෙහිව නීතිපතිගෙන් අධිචෝදනා http://sinhala.adaderana.lk/news.php?nid=116085

සජින් වාස් රිමාන්ඩ් http://www.colombotoday.com/19182-2/